Sathosa

Oct 12, 2018

ඩෙලිෆ්‍රාන්ස් සූපවේදී මිෂෙල් රොත්, ප්‍රංශ රස බෙදයි (ඡායා)

ප්‍රංශ බේකරි කර්මාන්තයේ හා අවන්හල් ජාලයේ ප්‍රමුඛයා වන ඩෙලිෆ්‍රාන්ස් (Delifrance) සහ එහි ශ්‍රී ලංකාවේ නිල අධිකාරිය සහිත එමෙන්ම Softlogic holdings සමූහයේ පරිපාලිත සමාගමක්ද වන Softlogic restaurants පෞද්ගලික සමාගමේ ආරාධනයෙන් ලොව ප්‍රකට මිචලින් ලැයිස්තුගත කිරීමේ තරු දෙකේ සූපවේදියකු වන මිෂෙල් රොත් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව සිටියි.

ප්‍රංශ ජාතිකයන් ගේ ජීවන රටාව සම්බන්ධයෙන් අත්දැකීම් ලාංකික පාරිභෝගිකයන් සමගින් බෙදා හදා ගැනීම මෙම සංචාරයේ අරමුණ වන අතර, දේශීය මාධ්‍ය හා ඩෙලිෆ්‍රාන්ස් පාරිභෝගිකයන් හමු වෙමින් සිය සූපවේදී හැකියාව පිළිබඳව අත්දැකීම් බෙදාහදා ගැනීමේ අපූරු අවස්ථාවක් ඊයේ (11) කොළඔ ඔඩෙල් පරිශ්‍රයේදී සිදුවිය.

ඩෙලිෆ්‍රාන්ස් වෙතින් දේශීයයන් ගේ කටට රසට ගැලපෙන ආහාර වට්ටෝරු ලබා ගැනීමට කටයුතු කර ඇති අතර, මිෂෙල් රොත් විසින් එම අවස්ථාවේදී පිළියෙල කළ “Pain Surprise” හා “Michel Roth - croissant Paris Colombo” ආහාර වලින් එය පිළිඹිබු විය.

“Softlogic සහ විශේෂඥ ලංකාව තුළ අප ව්‍යාපාර ජාලය වර්ධනය කිරීමට හැකිවන බව අපට විශ්වාසයි. ලබන වසර වන විට කොළඹ තවත් ස්ථාන කිහිපයක දී අපගේ අලෙවි සැල් විවෘත කිරීමට නියමිත අතර අපගේ මීළඟ පරම්පරාවේ අවන්හල සමගින් එකතු වී ආකර්ෂණීය ආහාරපාන රස විඳීමටත් අපගේ පාරිභෝගිකයාට අවස්ථාව හිමිවනවා,” යැයි මෙහිදී අදහස් දක්වමින් ප්‍රංශයේ ඩෙලිෆ්‍රාන්ස් ජාත්‍යන්තර සමාගමේ අලෙවි හා මෙහෙයුම් ප්‍රධානී ෆැබ්රිස් හර්ලෙක්ස් මහතා පැවසුවා.

“මෙරට ජනතාව වෙනස් ආකාරයේ ආහාර අත්විඳීමට ඇති කැමැත්ත හේතුවෙන් තමන්ගේ වෙළෙඳපොළ කොටස වර්ධනය කර ගැනීමට සූදානමින් පසුවනවා ආහාර වට්ටෝරු සඳහා මෙන්ම කැටය උප සංස්කෘතිය සඳහා කොළඹ නගරය සමීපයේ වෙසෙන නාගරික ජනතාව අතර දැඩි රුචිකත්වයක් පවතින අතර දිනෙන් දින වර්ධනය වනවා,” යැයි මෙහිදී අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් සමූහය සමූහ අලෙවි අධ්‍යක්ෂිකා ඩෙසරී කරුණාරත්න මහත්මිය පැවසුවා.

(ඡායා : ශානිකා ජයසේකර)

f1

f2

f3

f4

f6

f5

f7

f8

f9

f10

f11

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top