Sathosa

Nov 12, 2018

ලොව ලෙයින් තෙත් කළ මහා යුද්ධය හමාර වී සියවසරයි! (ඡායා)

ලොවම රුධිරයෙන් තෙත් කළ පළමු ලෝක යුද්ධය අවසන් වී සියවසරක් ගතවීමේ සැමරුම ඊයේ (11) දින පැවැත්වුණි.

මෙහි ප්‍රධාන සැමරුම ප්‍රංශයේ පැරිස් අගනුවර පැවති අතර, එයට ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් ඇතුළු ලෝක නායකයින් රැසක් සහභාගී විය.

මෙම උත්සවය ඇමතූ ප්‍රංශ ජනපතිවරයා ඉල්ලා තිබුණේ ජාතිවාදය තුරන් කර සාමය වෙනුවෙන් සටන් වදින ලෙසයි.

මීට අමතරව, දෙවැනි එලිසබෙත් රැජින ප්‍රමුඛ රජපවුලේ සහභාගීත්වෙන් බ්‍රිතාන්‍යයේදී සැමරුම් රැසක් සංවිධානය කර තිබුණි.

ලෝක යුද සැමරුම් වලදී පොපි මලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ජෝන් මැක්‍රේ විසින් රචිත ‘ඉන් ෆ්ලැන්ඩර්ස් ෆීල්ඩ්ස් (In Flanders Field) නැමති ජනප්‍රිය කවියට අනුව පළමු ලෝක යුද සමයේ දී ෆ්ලැන්ඩර්ස් හි මිහිදන් කරන ලද සෙබලුන් ගේ සොහොන් මතින් රත්පැහැ පොපි මල් පීපී තිබුණු බව සඳහන් වේ. පොපි මල් වල ඇති දීප්තිමත් රත් පැහැය යුද්ධයේ දී රුධිරය වැගිරවීම සංකේතවත් කරයි.

වසර 1914 සිට 1918 දක්වා පැවති පළමු ලෝක යුද්ධයෙන් සොල්දාදුවන් මිලියන 9.7ක් හා සිවිල් වැසියන් මිලියන 10ක් පමණ මියගිය බව පැවසේ.

මෙම ඓතිහාසික අවස්ථාව ලොව පුරා රටවල් කිහිපයක් විසින් සමරා තිබුණේ මෙසේය.

wore1 පැරීසියේ Arc de Triomphe හි පැවති සැමරුම් උළෙල වෙත යන ලෝක නායකයින් (Ludovic Marin/AFP via Getty Images)

 3500පැරීසියේ සැමරුම් උළෙල අතරතුරදී (François Mori/Reuters)

wore2බ්‍රිතාන්‍යයේ සැමරුම් උත්සවයට සහභාවී වූ දෙවැනි එලිසබෙත් රැජින, චාර්ල්ස් කුමරුගේ බිරිඳ වන කෝන්වෝල් හි ආදිපාදවරිය කැමිලා හා කේම්බ්‍රිජ් හි ආදපාදවරිය වන කැතරින්. (Alastair Grant/AP)

 

wore3ලන්ඩනයේ රණවිරු පාගමනට එක්වූ රණවිරුවන් (Tolga Akmen/AFP via Getty Images)

wore4 Cenotaph හිදී පොපි මල්වඩමක් තැන්පත් කරන බ්‍රිතාන්‍ය අගමැතිනිය - තෙරේසා මේ (Tolga Akmen/AFP via Getty Images)

wore5බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂක ඩැනී බොයිල් ගේ ‘Pages of the Sea’ සමරු ව්‍යාපෘතියේ කොටසක් ලෙස මුහුදු වෙරළේ වැලි වල ගැසූ සමරු කුරුසියක් මුහුදු වතුරයට යට වෙන අයුරු (Clodagh Kilcoyne/Reuters)

wore6බෙල්ජියමේ බ්‍රසල්ස් හි හඳුනානොගත් සෙබළා ගේ සැමරුම අභියස පරවියෙකු නිදහස් කරන ජනයා (Olivier Hoslet/EPA)

wore7අතුරුදහන් වූවන් සඳහා වූ යුද ස්මාරකයක් වන බෙල්ජියමේ මෙනින් ද්වාරයේ වහළයේ සිට ඇදහැලුනු කඩදාසි පොපි පෙති වැස්ස (Virginia Mayo/AP)

 

wore8නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පොපි මලින් සැරසුනු Fields of Remembrance (Dave Rowland/Getty Images)

wore9ඕස්ට්‍රේලියාවේ විපක්ෂ නායක බිල් ෂෝටන්, හිටපු අගමැති පෝල් කීටිං හා වත්මන් අගමැති ස්කොට් මොරිසන් (Tracey Nearmy/Getty Images)

wore10රක්ත පොපි මල් මෝස්තරයකින් හැඩ වුනු සිඩ්නි ඔපෙරා ශාලාව (David Gray/Reuters)

wore11ඕස්ට්‍රේලියාවේ හොබාර්ට් හි පැවති සමරු උත්සවයකදී මල්වඩමක් තැන්පත් කරන ඕස්ට්‍රේලියානු හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායකයන් වන ඇරන් ෆින්ච් හා ෆැෆ් දු ප්ලෙසිස් (Dean Lewins/Reuters)

wore12ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පොකුණකට පාවෙන පොපි මල් එක්කරමින් (David Gray/Reuters)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top