Sathosa

Nov 25, 2018

කිරිඇල්ලගේ හඬට නුවරට මහ සෙනඟක් !

ඊයේ (23) මහනුවර පැවැති යුක්තියේ ජන හඬ රැලියට විශාල ජනතාවක් එක්ව සිටි බව වාර්තා වේ.

මේ රැළියට 12,000ත් 15,000ත් අතර පිරිසක් එක්වූ බව පැවසෙන අතර 2015 ජනපතිවරණය අවස්ථාවේ එක්වූ පිරිසටත් වඩා ජනතාවක් සිටි බව දේශපාලන විචාරක මතය වේ.

එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නායකත්වය යටතේ මේ රැළිය සවිධානය කර තිබිණි.

අපි ඡන්දයට සූදානම් - මහින්දලා ඡන්දවලට බයයි

එම රැළියට එක්නීවූ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නීත්‍යානුකූල රජයක් යටතේ නීත්‍යානුකූලව පවත්වන ඕනෑම මැතිවරණයකට සූදානම් බව එහිදී කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී සිරිසේන - රාජපක්ෂ හවුලට බහුතරය නොමැති බව ඔප්පූ වූ බවත්, කරූ ලෝකයේ කිසිදු කථානායකවරයෙක් මුහුණ නොදුන් තරමේ ප්‍රශ්නවලට ඔහු මුහුණ දුන් බවත්, අද ලෝකය දන්නවා කරුණ නම් රාජපක්ෂලා මැතිවරණවලට බය බව යැයිද වික්‍රමසිංහ මහතා එහිදී කීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

"මුලින්ම මම අගමැති වෙලා ඉන්දැද්දි මහින්ද රාජපක්ෂ අගමැති හැටියට පත් කළා. නීති විරෝධීව ඇමතිවරුන් පත් කළා. පාර්ලිමේන්තුව රැස් වෙන්න ඉඩ දුන්නේ නෑ පුටු කැඩුවා .මිරිස් කුඩු දැම්මා.අපි වාඩි වෙලා බලාගෙන හිටියා .අන්තිමට කතානායක තුමාට සිද්ධ වුණා පොලීසිය ගෙනල්ලා මේ තත්වය පාලනය කරන්න.

අපි බය නෑ ඡන්දයකට යන්න. ඒත ඡන්දයකට යන්න ඕන නීත්‍යනුකූල ආණ්ඩුවක් යටතේ. නැත්නම් ඒක නීත්‍යානුකූල ඡන්දයක් නෙවෙයි.පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් තීරණය කරලා ජනාධිපති ඡන්දයද නැත්නම් පාර්ලිමේන්තු ඡන්දයද ඕන එකක් තියන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි.ජනතාවගේ අයිතිය ආරක්ෂා කරනවානම් ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඕන. ව්‍යවස්ථාව ආරක්ෂාව කරනවා නම් අපි ව්‍යවස්ථාව අනුවයි ඡන්දය තියන්න ඕන.

බලයක් නැති මේ කණ්ඩායම බෝඩ් අල්ලගෙන ඉන්නවා අගමැති ඇමති කියලා .මුදල් ඇමති ආර්ථික ඇමති කියලා .ජනතාවටත් ඕන නම් ඔය විදිහට බෝඩ් දාගන්න පුළුවන්. බලයක් නැතිවයි මේකේ එල්ලියා ඉන්නේ පාර්ලිම්න්තුව එපා කිව්වහම යන්න ඕන. බලෙන් ඇවිත් කූඩැල්ලන් වගේ එල්ලිලා ඉන්නවා. අපි දැන් හදන්නේ මේ කූඩැල්ලන් අයින් කරන්නයි හදන්නේ. 29 වනදා පැවැත්වෙන ඡන්දයෙන් මේ කූඩැල්ලාව අයින් කරනවා”

එහිදී සෙසු කථිකයෝ අදහස් දැක්වූයේ මෙසේය.

46511138 1949239618495653 2699588989387538432 n

=46514227 1949239905162291 1104896696426430464 n

46516250 1949239611828987 1792621784873304064 n

46516740 1949239808495634 8669908742772359168 n

46518856 1949162775170004 3896864247598022656 n

46519565 1949239731828975 474409958528516096 n

46521712 1949239911828957 7099693429776449536 n

46522691 1949239271829021 5056670090859118592 n

46628048 1949239948495620 118417213332914176 n

46660183 1949239541828994 6878315284738867200 n

46705499 1949239965162285 3366233794230091776 n

46757637 1949239475162334 8925130117705891840 n

46792935 1949239318495683 8006091972030758912 n

46996606 1949162755170006 5809293260429983744 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top