Nov 28, 2018

මන්නාරමේ හරක් ජනතාවට බරක් (ඡායා)

මන්නාරම ඇතුළු ප්‍රදේශයන් රැසක ප්‍රධාන මාර්ග අවහිර කරමින් අයාලේ යන ගව රංචු නිසාවෙන් රථ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවන බව වාර්තාවේ.

මන්නාරම සහ ඒ අවට දහවල් කාලයේ පැමිණෙන මෙම ගවයින් රංචු වශයෙන් මාර්ගය තැනින් තැන අවහිර වන ආකාරයට අයාලේ යාම හේතුවෙන් බහුතරයක් යතුරුපැදි කරුවන්, ත්‍රිරෝද රථ රියදුරන් මඟ තොට අනතුරුවලට නිරන්තරයෙන් මුහුණ දෙමින් සිටී.

දිනකට මෙලෙස ප්‍රධාන මාර්ග වෙත ස්ථාන කිහිපයකින් ගවයින් 2000ට ආසන්න පිරිසක් දැක ගත හැකිය. ඒ අනුව තන්තිරිමලේ මාර්ගයේ, ඔයාමඩුව,සෙට්ටිකුලම්, නෙඩුංකුලම්,කනගරායම්කුලම්, මුරුක්කං, චිලාවතුරෙයි, මුසලි,මුල්ලිකුලම්, මරිච්චිකට්ටි සහ වව්නියාව වෙත දිවෙන ප්‍රධාන මාර්ගයේ මෙන්ම මැදවච්චිය මාර්යේද ගවයින් නිරන්තරයෙන් දැක ගත හැකිය.

රථ වාහන පොලිස් නිලධාරින් මෙසේ අයාලයේ යන ගවයින්ගේ අයිතිකරුවන්ට එරෙහිව කිසිදු නෛතික ක්‍රියා මාර්ගයක් නොගැනීම නිසාවෙන් මේ වන විට ප්‍රධාන මාර්ග පද්ධතිය ගවයින්ගේ නිජබිමක් බවට පත්ව තිබීම බරපතල ගැටලු සහගත තත්ත්වයක්ව තිබේ.

මේ පිළිබඳව අදාළ පොලිස් ස්ථානවල රථ වාහන අංශ භාර ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරින් තරයේ ඔවුන්ට විරුද්ධව නීති පැනවීම සිදු නොකරන්නේ නම් නුදුරේදී මාරක රිය අනතුරු බහුල වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.

 සටහන සේයා රූ ප්‍රියංකර කළුපහන - පුත්තලම

Mannarcow1

Mannarcow2

Mannarcow4

Mannarcow5

Mannarcow6

Mannarcow7

Mannarcow8

Mannarcow10

Mannarcow11

Mannarcow12

Mannarcow13

Mannarcow14

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top