අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි විශේෂ ආරාධිතය ලෙස සහභාගිවී සිටියේය.
අගමැතිවරයාට අමතරව එම අවස්ථාවට මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, එජාප සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා මෙන්ම අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි අමාත්‍ය සාගල රත්නායක මහතාද එක්ව සිට ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා විදේශගතව සිටින බැවින් අද පැවැත්වෙන උත්සවයට සහභාගී නොවන අතර ඔහු විදේශගතවීමට පෙර නව යුවල කැඳවා සුබ පැතුම් එක්කර තිබිණි.
මස් මාංශ - මත් පැන් නෑ
මෙම විවාහ මංගල්‍ය මස් මාංශ , මත් පැන්වලින් තොරවේ. එමෙන්ම අමුත්තන්ට පිළිගැන්වෙන පළමු පිළිගැනීමේ බීම වන්නේ රණවරා, දිවුල් යුෂ සහ බෙලිමල්ය. මැටි හට්ටිවල පිළිගැන්වෙන ආහාර ගමේ ආරයට සැකසුනු දේශීය ආහාර වීමද විශේෂයකි. එම ආහාර සැකසීම රාජපක්ෂ පවුලේ අසල්වාසීන් ගම්වාසීන් විසින් භාරගෙන තිබුණි.
විවාහ ඇරයුම්පතේ සිට මගුල් පෝරුවේ සැරසිලි දක්වා සියලූම දේ ඉතාම සරලව චාම්ව පරිසර හිතකාමීව සිදු කර ඇත.













