අමුත්තන් හට පිරිනැමීමට සූදානම් වූ අඹ පිඟන්  [Photo/IC] අමුත්තන් හට පිරිනැමීමට සූදානම් වූ අඹ පිඟන් [Photo/IC]
Jan 28, 2019

තායිලන්තයේ අඹ වැඩ කෝටියයි! (ඡායා)

තායිලන්තයේ අඹ බත් (Mango Sticky Rice) සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අඹ, ඇලෙන බත් හා පොල්කිරි යොදා තැනෙන මෙම බත ඉතා අතිජනප්‍රිය අතුරුපසකි.

එම ජනප්‍රියත්වයත් සමගම ලොව විශාලතම අඹ බත් භෝජන සංග්‍රහය සඳහා ගිනස් වාර්තාවක් තැබීමට තායිලන්තය පසුගිය 20දා සමත් විය.

මෙම අවස්ථාවට චීන සංචාරකයන් 10,000කට පමණ ආරාධනා කර තිබුණු බව චයිනා ඩේලි පුවත් සේවය සඳහන් කරයි.

බත් කිලෝ 1,500ක්, පොල් කිරි කිලෝ 2,300ක් හා අඹ ගෙඩි 5,000ක් මේ සඳහා යොදාගෙන තිබූ බවද එහි දැක්වේ. මෙම බතේ සමස්ථ බර කිලෝ 4,500කි.

තායි බලධාරීන් පවසා ඇත්තේ මෙම උත්සවය මගින් තායි ආගන්තුක සත්කාර පිළිබඳ ඇති ප්‍රතිරූපය වඩාත් යහපත් කිරීම මෙහි අරමුණ බවයි.

(ඡායා : චයිනාඩේලි)

Mango1 670px 19 01 28උත්සවයට සහභාගී වූ චීන අමුත්තන් [Photo/IC]

Mango2 670px 19 01 28ගිනස් ලෝක වර්තා සහතිකය ලබාගන්නා තායි නියෝජ්‍ය අගමැතිවරයා [Photo/IC]

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top