වසන්තයේ උළෙල ලෙසද හැඳින්වෙන මෙම නව අවුරුදු සැමරුම ආසියාව පුරා රටවල් ගණනාවක් විසින් සමරනු ලබයි.
චීනය පුරාවටම මිලියන ගණනක ජනයා, මෙම උත්සවය සැමරීමට සිය ගම්බිම් බලා පිටත් වන අතර, විශේෂ ඇඳුම්, රතු පහන් කූඩු, උත්සව ආහාර හා ගිනිකෙළි වලට හිමිවන්නේ විශේෂ තැනකි.
චීන රාශි චක්රයට සතුන් 12 දෙනකු ඇතුළත් වන අතර එක් වසරකට එක් සතකු බැගින් පිළිෙවළින් වෙන් කර ඇත. එම සතුන් වන්නේ මීයා, ගවයා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, බැටළුවා, වඳුරා, කුකුළා, බල්ලා හා ඌරා යි. මේ අතරින් උදාවන 2019 වර්ෂය අයත් වන්නේ ඌරාටයි. ධනාත්මක බව, උනන්දුව හා මහන්සියෙන් වැඩ කිරීමේ සලකුණක් ලෙස ඌරා සැලකේ.
පහත දැක්වෙන්නේ ඌරා ගේ වසරේ උදාව විවිධ රටවල් විසින් සමරා ඇති අයුරුය.
(ඡායා : බීබීසී ලෝක සේවය)
නව වසර සැමරීමට ඌරන් ලෙස සැරසුනු බැංකොක් වැසියන් (EPA)
මෙම වසරේ උත්සවවලදී ඌරන්ට සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර, හොංකොංහි ඉදිකර ඇති දැවැන්ත ඌරු රුවකි මේ. (AFP/GETTY)
බීජිංහි ‘ටෙම්පල් ඔෆ් හෙවන්’ හි පැවැත්වීමට නියමිත අතීත රාජකීය පූජාවක් රඟදැකීමට පුහුණුවේ යෙදෙමින් (EPA)
නව වසර සිය පවුල සමග සැමරීමට සෑම වසරකම චීනයේ මිලියන ගණනක් ගම්බිම් බලා යයි. (REUTERS)
සෙනඟ පිරී ඉතිරී යන දුම්රිය මගින් හෝ වාහන වලින් පිරීගිය මාර්ග ඔස්සේ සිදුකෙරෙන මෙම ගමනට පැය හෝ දින ගණනාවක් ගතවිය හැකියි. (GETTY)
ජකර්තාවේ සී වර්ල්ඩ් මරීන් පාක් හි කිමිදුම්කරුවෙකු දරුවන් හට අතවනමින් (REUTERS)
නව වසර සැමරීමට සිඩ්නි ඔපෙරා ශාලාව ද රතු පැහැයට හැරනු වගයි (EPA)
විවිධ භාණ්ඩ වලින් මකර රුවක් නිර්මාණය කර ”Liong" නම් මකර නර්තනය රඟදක්වන මැනිලා නුවර දරුවන් (AFP/GETTY)
ඉන්දුනීසියාවේ බාලි නුවර පන්සලක ”Liong" නම් මකර නර්තනය රඟදක්වන නර්තන ශිල්පීන් (EPA)
වියට්නාමයේ හෝ චි මින්හ් නගරය පුරාවට ඇති ඌරු රූ (AFP)
හොංකොං හි සාප්පු සංකීර්ණයක ඉදි කර ඇති ‘අ ගෝල්ඩන් ඉයර්’ (a golden year) නම් සැරසිල්ලක් (AFP/GETTY)
බැංකොක් හි චයිනාටවුන් හි පන්සලක ආගමික වතාවත් වල නිරත වන කාන්තාවක් (EPA)