Jan 12, 2017

කැලණි පෙරහැරේ 90ත් නිමයි

ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානය මගින් බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන සිහි කිරීම සඳහා වාර්ෂිකව පවත්වන දුරුතු මහා පෙරහර ඊයේ (11) රාත්‍රියේදී පැවැත්විණි.

මෙවර මේ පෙරහැර පවත්වනු ලැබුවේ 90 වැනි වරටය.

ඊයේ දිනයේදී මේ පෙරහැරට අලි 40කට ආසන්න ප්‍රමාණයක් සහභාගි කරවා තිබූ බව වාර්තා වේ.

පෙරහැර ගමන් ආරම්භ කිරීමට පෙර කරඬුව තැන්පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

වර්ෂ 1927 ආරම්භ කළ මේ පෙරහර මාපිටිගම ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හෙලේනා ළමා තැනීගේ මග පෙන්වීම මත සිදුකළ බව ඉතිහාසය සදහන් වේ.

kandyperahera1

kandyperahera2

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top