උතුරු පළාතේ ජනතාව මන්නාරම තිරුකේදීශ්වරන් කෝවිල කේන්ද්‍ර කර ගනිමින් මහා ශිව රාත්‍රි රාත්‍රි ප්‍රධාන දේව පූජාව පවත්වනු ලැබීය.
ශිව දෙවියන් පිළිරුව කිරි වලින් නාවමින් දේව පූජාව වෙනුවෙන් උතුරේ හින්දු ජනතාව එක්ව සිටි අතර,පහන් දල්වා,පොල් ගසමින් සිය බලාපොරොත්තු ඉටු කරන ලෙසට අදාළ පිරිස් දේව කන්නලව් සිදුකරනු ලැබීය.
තිරුකේදීශ්වරන් දේව පූජාව වෙනුවෙන් පැමිණි ජනතාව වෙත මන්නාරම දිස්ත්‍රික් ලේකම්,මන්නාරම ආරක්ෂක අංශ,රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල මෙහෙයවීම යටතේ පහසුකම් සේවා සපයා දී තිබිණ.
තිරුකේදීශ්වරන් කෝවිල වෙත යාපනය,වවුනියාව,කිලිනොච්චිය ප්රදේශයන්ගේ ජනතාවද පැමිණ සිටි අතර,යාපනය ප්‍රදේශයේ සිට ඇතැම් පිරිස් පාද යාත්රාවලින්ද පැමිණ සිටියහ.
සටහන සහ ඡායා - වවුනියාව මාධව කුලසූරිය