Mar 19, 2019

මේ සකුරා සමයයි ! (ඡායා)

උතුරු අර්ධද්වීපයේ මාස ගණනාවක් පුරාවට පැවති ශීත සමය අවසන් වීමත් සමග සොබාදහම යළිත් නව ජීවයත් සමග විකසිත වෙමින් පවතියි.

මේ දිනවල චීනයට උදා වී ඇත්තේ සකුරා හෙවත් චෙරි මල් සමයයි. සුදු මෙන්ම ලා හා තද රෝස පැහැයෙන් යුත් ඉතා කෝමල මලින් බර වූ චෙරි ගස් වසන්ත සුළඟට අපූරුම සුවඳක් එක්කරන අතර, මෙම සුන්දර දසුන නැරඹීමට බාල, මහලු සියල්ලන්ම තමන් අවට ඇති උද්‍යාන වලට ඇදී යයි.

චෙරි මල් නැරඹීම සඳහා වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ ජපානයයි. ‘හනමි’ නම් වූ මෙම උත්සව සමයේදී සිය පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන් සමග චෙරි මල් වල සුන්දරත්වය රසවිඳමින් එළිමහනේ කා, බී සතුටු වීම ‘හනමි’ නම් වේ. චීනයේ බීජිං අගනුවර පිහිටි යුයුවන්ටන් උද්‍යානයේ සකුරා උත්සවය ඉතා ජනප්‍රිය වේ.

සකුරා මලට ජපානයේ හිමිවන්නේ ඉහළ ස්ථානයකි. ශීත සමයෙන් පසුව කෙමෙන් කෙමෙන් විකසිත වී සුන්දරත්වයේ හිනිපෙත්තටම ගොස් ඉක්මනින් පරවී පොළවට වැටෙන චෙරි මල්, ජීවිතයේ අනිත්‍යය හා බිඳෙන සුළුබවේ සංකේතයක් ලෙස ජපන් ජාතිකයන් සලකයි. චීන වැසියන්ට නම්, චෙරි මල් යනු කාන්තා බලය හා සුන්දරත්වයේ සංකේතයකි.

චීනයේ බීජිං අගනුවර පුරාවට පිපී ඇති චෙරි මල් හා එහි සුන්දරත්වය විඳින චීන ජාතිකයන් ගේ ඡායාරූප පෙළකි මේ.

(සටහන හා ඡායා : ශානිකා ජයසේකර - බීජිං සිට)

Sakura1 670px 19 03 19

Sakura2 670px 19 03 19

Sakura3 670px 19 03 19

Sakura4 670px 19 03 19

Sakura5 670px 19 03 19

Sakura6 670px 19 03 19

Sakura7 670px 19 03 19

Sakura8 670px 19 03 19

Sakura9 670px 19 03 19

Sakura10 670px 19 03 19

Sakura11 670px 19 03 19

Sakura12 670px 19 03 19

Sakura13 670px 19 03 19

Sakura14 670px 19 03 19

Sakura15 670px 19 03 19

Sakura16 670px 19 03 19

Sakura17 670px 19 03 19

Sakura18 670px 19 03 19

Sakura19 670px 19 03 19

Sakura20 670px 19 03 19

Sakura21 670px 19 03 19

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top