Apr 02, 2019

මෝඩ දිනය සීත කරමින් විදේශිකයෝ ලංකාවේ පැළ සිටුවයි (ඡායා)

 

විදේශීය සංචාරකයින්ද සහභාගි වූ පැල සිටුවීමේ වැඩ සටහනක් ඊයේ (01) තල්විල මෝය ආසන්නයේදී සිදු කරන ලදි.

මාරවිල - තල්විල පිහිටි ක්ලබ් ෆාම්බේ හෝටලයේ සේවක පිරිස විසින් මෙම පැල සිටුවීමේ වැඩ සටහන සංවිධානය කර තිබුණි.

අප්‍රියෙල් පළමු වැනිදා මෝඩයාගේ දිනය ලෙස ඇතමුන් නම් කර ඇතත්, එදින සීත දිනයක් ලෙසට විදේශීකයින්ද සමග එක්ව නම් කරමින් මෙය ක්‍රියාත්මක කිරීම මෙම වැඩ සටහනේ අරමුණ බව ක්ලබ් ෆාම්බේ හෝටලයේ සාමාන්‍යාධිකාරී ගාමිණී කීර්තිසිංහ මහතා පැවසීය.

මෙරටට පැමිණ සිටි විවිධ රටවල් වලට අයත් සංචාරකයින් පැල සිටුවීමේ වැඩ සටහනට ඉතාමත්ම උනන්දුවෙන් සහභාගි වී සිටින අයුරුද දක්නට ලැබුණි. සංචාරකයින් විසින් සිදුවන ලද ගස් ඔවුන්ගේ නමින්ම නම් කිරීමටද සංවිධායකයින් කටයුතු කර තිබුණි.

සටහන සහ ඡායා - ජුඩ් සමන්ත - පුත්තලම

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top