නෙළුම් කුළුණේ ගුවනින් ගත් ඡායාරූපයක්.. නෙළුම් කුළුණේ ගුවනින් ගත් ඡායාරූපයක්..
Apr 14, 2019

නෙළුම් කුළුණ සමාගමකට (ඡායා)

මේවන විට ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරාගෙන ඇති නෙළුම් කුළුණෙහි සේවාවන් සැපයීම සමාගමක් ආරම්භ කර එයට පැවරීමට කටයුතු යොදන බවට තම අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
 
නෙළුම් කුළුණ අවුරුද්දෙන් පසුව විවෘත වන්නේ දැයි ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
 
එසේම ඔහු පැවසුවේ එය විවෘත වන දිනයක් නම් තමා නොදන්නා බවයි. 
 
කෙසේවුවද, නෙළුම් කුළුණ මැයි/ජුනි මාසවලදී විවෘත කිරීමට මීට පෙර සැලැසුම් කර තිබූ බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
 
“එක් තීරයක් - එක් මාවතක්”
 
නෙළුම් කුළුණ ඉදිකරනු ලැබුවේ විදුලි සංදේශ නියාමන කොමිසම විසිනි.
 
“එක් තීරයක් - එක් මාවතක්” ඔස්සේ සම්බන්ධ වී සිටින රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මහජන චීන ජනරජය ලබාදෙන උපායමාර්ගික ණය යටතේ එක්සිම් (EXIM) බැංකුව මගින් නෙළුම් කුළුණ ඉදිකිරීමට විදුලි සංදේශ නියාමන කොමිසමට ඈ.ඩො මිලියන 104.3 ක පමණ ණය මුදලක් ලබා දෙන ලදී.
 
කොළඹ නෙළුම් කුළුණේ මූලික ආදායම් මාර්ග වනු ඈත්තේ සංචාරක ව්‍යාපාරය සහ සම්ප්‍රේෂණ ඈන්ටනා බදු දීම වේ. 
 
මෙම කුළුණට ගුවන් විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ ඇන්ටනාවක් ලෙස ක්‍රියාත්මක වීමට හැකියාව පවතින බැවින් රූපවාහිනී සේවා 50 කටත් ටෙලිසන්නිවේදන සේවා ආයතන 20 කටත් පහසුකම් සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.
 
දකුණු ආසියාවේ විශාලතම රූපවාහිනී කුළුණ වන්නේ නෙළුම් කුළුණයි.
 
මෙහි ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා වන්නේ China National Electronics Import and Export Corporation (CEIEC) වේ.
 
මේ කුළුණ ඉදිකිරීමට චීන මෙන්ම ලාංකික කම්කරුවන්ගේද දායකත්වය ලැබිණි.
 
නෙළුම් කුළුණ රූපවාහිනී කුළුණක් පමණක් නොවන අතර එහි හෝටල්, සාප්පු සංකීර්ණයක් සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක්ද තිබේ.
 
චීන ෂින්හුවා (Xinhua) පුවත් ඒජන්සිය වෙනුවෙන් ගූඕ ලෙයි (Guo Lei) ගත් ඡායාරූප පෙළක් පහත දැක්වේ.
 2
                        ශ්‍රමිකයන් නෙළුම් කුළුණ පිහිසිදු කරන අයුරු.
3                         සේවකයෙක් කුළුණෙහි ඇතුළු වීදූරුවක් පිරිසිදු කරන අයුරු..
4
                                 ගුවනින් ගත් තවත් ඡායාරූපයක්…
5                            නෙළුම් කුළුණේ පෙති ආසන්නයෙන් ගත් ඡායාරූපයක්..
6                                                කුළුණේ එළිය රෑට
7                              සේවකයන් අන්තරාදායක මෙහෙයුමක..
8
                                     කෝච්චි පාරට කුළුණ පෙන හැටි..
 
 
 
 
 
 
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top