May 19, 2019

නියඟයෙන් වාසි ගන්නෝ !

නියඟය යනු නිරන්තරයෙන්ම අවාසි වන තත්ත්වයක් බව පොදු පිළි ගැනීමයි.

එය එසේවුවද, ඉන්ද වාසි අත්වන ව්‍යාපාර තිබෙන බව පැවසීම විශ්මය දනවන්නකි.

ලුණු නිෂ්පාදනය එසේ නියං සමයංවල වාසි ලබන කර්මාන්තයකි.

මේ දින වල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන යනු ලබන ලුණු නිෂ්පාදනය ඉහල ගොස් එම කර්මාන්තකරුවන්ට විශාල ලාභ ලැබෙන තත්ත්වයක් ඇතිව තිබේ.

ඒ අනුව කරතිව්, මනල්තිව්, සේවන්තිව්, කරයාතුරෙයි, සෝල්ටන්, පාලවිය යන ප්‍රදේශයන් වල මෙකී ලුණු ලේවායන් සාර්ථකව සිදුකරගෙන යනු ලබන බව වාර්තා වේ.

පුත්තලම් ලුණු ලේවායේ තත්ත්වයද එසේමය. ඉන් මේවන විට අධික ලාභ ලැබීමට හැකිව ඇති බව පැවසේ.

දිනකට දස දහසකට අධික පිරිසක් මෙකී කර්මාන්තය ඔස්සේ රැකියාවේ යෙදෙමින් ඔවුන්ගේ ආර්ථිකය සරිකර ගන්නා රහසක් නොවේ.

ලණු කර්මාන්තයට ද මේවන විට නවීන තාක්ෂණය පැමිණ ඇතත් ඉන් වැඩි වාසිය හිමිව ඇත්තේ කර්මාන්ත ශාලා හිමියන්ට බව පැවසේ.

ඒ තාක්ෂණය සමඝ ශ්‍රමයට ලැබෙන සැලැකිල්ල අවමවීම නිසාය. එසේම සාම්ප්‍රදායිකව ලුණු කර්මාන්තයේ නියැලෙන්නන්ට ද වෙළෙඳ පොළ තරගය තුළ අවාසි සහගත තත්ත්වයක් ඇති බවද මේ අතර වාර්තා වේ.

නිෂ්පාදනය ඉහලයාමත් සමඟ ලුණු මිල උච්චාවචනයවීමද දේශීය නිෂ්පාදකයින් මුහුණ දෙනු ලබන තවත් ගැටලුවක් බව පැවසේ.

සටහන සහ ඡායාරූප - ප්‍රියංකර කළුපහන

1 7

1 5

1 8

1 6

1 1

1

1 4

1 3

1 11

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top