OPEN

#

OPEN

#

May 22, 2019

 දෑස් පාදන ගමන් සංචාරකයන් ඇදගන්නා ඇස (ඡායා)

සාම්ප්‍රයික පුස්තකාලයක් යැයි කියූ පමණින් අප මනසට නැගෙනුයේ නානාප්‍රකාර පොත් වලින් මෙන්ම දූවිල්ලෙන් හා කියවීමට රුචි පොත්ගුල්ලන්ගෙන් පිරීගිය නිහඬ තැනක් වුවද, කියවීමේ අගය කෙමෙන් කෙමෙන් වටහාගනිමින් සිටින ලෝකය පුරා ඉදිවන නූතන පුස්තකාල වල හැඩරුව මීට හාත්පසින්ම වෙනස්ම ස්වරූපයක් ගනියි.

කෙටියෙන්ම පැවසුවහොත්, මෙම ස්ථාන දැනුමෙන් පිරිණු තෝතැනි මෙන්ම නවීන තාක්ෂණයෙන් පිරුණු කලා නිර්මාණද වේ.

චීනයේ ටියැන්ජින් බින්හායි සංස්කෘතික මධ්‍යස්ථානයේ පිහිටි පුස්තකාලයද එවැන්නකි. වර්ග මීටර 33,700ක් විශාලැති මෙම පුස්තකාලයේ විශේෂත්වය වන්නේ පොලොවේ සිට වහලය දක්වා පොත් රාක්ක දිස්වීමයි. කෙසේවෙතත්, මෙහි වහල දක්වා උසට පොත් ලෙස පෙනෙන සියල්ලම පොත් නොවීම මෙහි තවත් විශේෂත්වයක්. පොත් මිලියන 1.2ක් තැන්පත් කර ඇති මෙහි, ඇතැම් ස්ථාන වල පොත් ලෙස දිස්වන්නේ පොත් නොව පොත් වල රුව සහිත ඇලුමිනියම් තහඩුය.

MVRDV නම් නෙදර්ලන්ත සමාගමක් හා ටියැංජින් නගර සැලසුම් හා නිර්මාණ පිළිබඳ ආයතනය විසින් නිර්මාණය කර ඇති මෙම පුස්තකාලයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වන විටම දැකිය හැකි දැවැන්ත ගෝලයකි. මෙම ගෝලය තුළ ඇත්තේ ශ්‍රවණාගාරයකි. ගොඩනැගිල්ල පිටතින් සිට බැලූවිට මෙම ගෝලය ඇසක කළු ඉංගිරියාව ලෙස දිස්වන බැවින් මෙම පුස්තකාලය 'දි අයි' (ඇස) යනුවෙන් ද හැඳන්වේ.

මහල් පහකින් යුත් මෙම පුස්තකාලය තුළ ප්‍රධාන ඇතුල්වීමේ පරිශ්‍රයට අමතරව විවිධ වර්ගීකරණයන්ට ලක්වූ පොත් ඇතුළත් ප්‍රදේශ, පරිඝණක කාමර, රැස්වීම් කාමර හා කාර්යාල කාමර වලින් ද සමන්විතය.

පොත් කියවීමට පැමිණෙන්නන් ට අමතරව මෙම පුස්තකාලයට සංචාරකයන් ද විශාල ප්‍රමාණයක් පැමිණෙයි. ඒ, මෙම නිර්මාණයේ කලාත්මක බව විඳීමටයි. වසර 2017 ඔක්තෝබර් මාසයේදී විවෘත වූ මෙම පුස්තකාලයට මේ දක්වා පුද්ගලයන් මිලියන 1.8ක් පමණ පැමිණ ඇති බව වාර්තා වේ.

 
(සටහන හා ඡායා : ශානිකා ජයසේකර - බීජිං සිට)

 

01

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top