Jun 01, 2019

පැය හතේ අලි මෙහෙයුම !

වවුනියාව, කනගරායන්කුලම ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටුණු මාස හයක් පමණ වයසැති අලි පැටවෙකු දැඩි පරිශ්‍රමයක් යොදා ඊයේ (31) සවස ගොඩගැනීමට වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් සමත් විය.

වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් පැවසූවේ 30 වැනිදා රාත්‍රියේ ආහාර සොයා පැමිණි අලි පැටවා අඩි 30 ක් පමණ ගැඹුරු අනාරක්ෂිත ළිඳකට වැටී සිටි බවයි.

අනතුරුව ප්‍රදේශවාසීන් හා පොලිසිය සිදුකළ දැනුම්දීමක් මත අලි පැටවා ගොඩ ගැනීමේ මෙහෙයුම් ඊයේ (31) උදැසන ආරම්භ කළ අතර, පැය හතක පමණ මෙහෙයුමකින් අනතුරුව අලි පැටවා නිරුපද්රිතව බේරාගත් බවද වවුනියාව වනජිවි නිළධාරීන් පැවසූහ.

ළිඳ ගැඹුරු වු බැවින් අලි පැටවා ගොඩ ගැනීම අසීරු වු අතර, ගොඩගත් අලි පැටවා නැවත රක්ෂිතය වෙත මුදාහල බවද වනජිවි නිළධාරීන් සදහන් කළහ.

පවතින නියඟය හේතුවෙන් මේ දිනවල උතුරු පළාතේ ගම්මාන වෙත වල් අලි තර්ජනය බෙහෙවින් පවතින බවද ප්‍රදේශවාසීන් පවසති.

සටහන හා ඡායා - මාධව කුලසූරිය

DSC 1339

DSC 1341

DSC 1351

DSC 1354

DSC 1357

DSC 1363

DSC 1369

DSC 1371

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top