ධීවරයින් පැවසූවේ කිලෝග්රෑම් 2000 කට ආසන්න ප්රමාණයේ විශාල මේ මුතු මෝරා ධීවර දැල්වල පැටලි වෙරළට පැමිණ සිටි බවයි.
එම මෝරා වෙරළට රැගෙන එන විටද මියගොස් සිටි බව ප්රදේශවාසීන් පැවසූ අතර කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්යක්ෂ එස්.ශ්රීරාජ් මහතා පැවසුවේ අදාළ මත්සයා ඇල්ලු ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් ධීවරයින් දෙදෙනා කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙතම කියා සිටියේය.
කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් පැවසූවේ මුතු මෝරා නමැති මත්සයා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතෙකු බවයි.
සටහන හා ඡායාරූප - මාධව කුලසූරිය