Jul 15, 2019

රතු තරුවේ එළියෙන් දිලෙන යන්'අන් (ඡායා)

චීන විප්ලව කෞතුකාගාර නගරය ලෙස හැඳින්වෙන ෂාන්සි පළාතේ කඳුකර නගරයක් වන යන්'අන් සඳහා චීනයේ කොමියුනිස්ට්වාදී ඉතිහාසය තුළ හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

වසර 1935 අග භාගයේ සිට 1947 මුල් භාගය දක්වා චීන කොමියුනිස්ට් විප්ලවයේ කේන්ද්‍රස්ථානය බවට යන්'අන් පත්විය.

විප්ලවය හා සම්බන්ධ ඓතිහාසික ස්ථාන 350 කට අධික සංඛ්‍යාවක් ඇති යන්'අන් නගරය, මේ වන විට, එවැනි ස්ථාන කේන්ද්‍ර කරගෙන සිදුකරන "රතු සංචාරක කර්මාන්තය" සඳහා තෝතැන්නකි.

යන්'අන් නගරයේ නගරයේ සංචාරක සංවර්ධන කමිටුවේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ෂින්හුවා පුවත් සේවය පසුගිය වසරේදී වාර්තා කරනු ලැබුවේ 2017 දී මෙම නගරය වෙත සංචාරකයින් මිලියන 50.59 ක් පැමිණි බවත් ඒ වසරේ එහි සංචාරක ආදායම යුවාන් බිලියන 29.87 ක් වූ බවත් ය.

පහත දැක්වෙන්නේ යන්'අන් හි රතු සංචාරක ස්ථාන අතර ප්‍රධාන ස්ථානයක් ගන්නා සාඕයුවාන් විප්ලවවාදී අනුස්මරණ භූමිය (Zaoyuan revolutionary site) තුළ දසුන් කිහිපයකි. වසර 1943 ඔක්තෝබර් සිට 1947 මාර්තු දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලයේ ආසනය ද මෙම ස්ථානයේ සිට ක්‍රියාත්මක විය.

(සටහන හා ඡායා - ශානිකා ජයසේකර චීනයේ සිට)

Yanan1 670px 19 07 15ග්‍රීෂ්ම සමයේදී තැඹිලි පැහැ ලිලී මල් ඇතුළු වෛවර්ණ මලින් සැරසුනු සාඕයුවාන් විප්ලවවාදී අනුස්මරණ භූමිය

Yanan2 670px 19 07 15චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම්වරුන් ලෙස කටයුතු කළ රෙන් බිෂී, ජෝ එන්ලායි, මාඕ සේතුං, ලියු ෂාඕචී හා ජූ ඩ ගේ ලෝකඩ පිළිම

Yanan3 670px 19 07 15වසර 1941 දී ඉදිකරන ලද ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය තුළ හෝ කාර්ය මාණ්ඩලික සමාජ ශාලාව තුළ. මාඕ සේතුං විසින් චොංචිං වෙත ගොස් චීන ජාතිකවාදී ආණ්ඩුවේ සභාපති චියැං කායි-ෂෙක් සමඟ සාකච්ඡා කිරීමේ තීරණය සම්මත කර ගැනීම සඳහා 1945 අගෝස්තු 25 දා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය රැය පහන් වන තුරු වැඩ රාජකාරි වල නිරත වී තිබුණේ මෙම ශාලාව තුළය.

Yanan4 670px 19 07 15මාඕ සේතුං ඇතුළු ප්‍රධාන පෙළේ කොමියුනිස්ට් නායකයන් නැවතී සිටි නිවාස කරා යන සංචාරකයින්

Yanan5 670px 19 07 15යන්'අන් වල සිටියදී කොමියුනිස්ට් නායකයන් ජීවත් වූ නිවෙස් ඉදිරිපස ඇති ලී කැටයම්

Yanan6 670px 19 07 15චීන කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති මාඕ සේතුං විසින් 1943 ඔක්තෝබර් සිට 1945 දෙසැම්බර් දක්වා ජීවත් වූ නිවස

Yanan7 670px 19 07 15මාඕ සේතුං ගේ නිවස තුළ නරඹන සංචාරකයින්

Yanan8 670px 19 07 15මාඕ සේතුං ගේ නිවස තුළ දසුන්

Yanan9 670px 19 07 15මාඕ සේතුං ගේ නිවස තුළ දසුන්

Yanan10 670px 19 07 15චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නියෝජ්‍ය සභාපති හා මහජන විමුක්ති හමුදාවේ අණදෙන ප්‍රධානියා වූ - ජූ ඩ 1945 අගෝස්තු මාසයේ සිට 1947 මාර්තු මාසය දක්වා ජීවත් වූ නිවස තුළ තැන්පත් කර ඇති රතු හමුදා නිල ඇඳුම.

Yanan11 670px 19 07 15අනුස්මරණ භූමිය තුළ සෙවන සදන දැවැන්ත තුරු ලතා

Yanan12 670px 19 07 15වැසි වතුර මැද රැඳුන රතු තරුවක ඡායාවක්

Yanan13 670px 19 07 15රතු හමුදාවේ නිල ඇඳුමින් සැරසී අනුස්මරණ භූමිය නැරඹීමට පැමිණි සංචාරකයින්

Yanan14 670px 19 07 15යන්'අන් වෙත නව පණක් ලබාදෙන 'රතු සංචාරක කර්මාන්තය' තුළ සාඕයුවාන් විප්ලවවාදී අනුස්මරණ භූමියට සුවිශේෂී ස්ථානයක් හිමිවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top