Aug 01, 2019

කල්පිටියේ බූරුවෝ වඳවීම ඉහල ගියේ ඇයි ? Featured

කල්පිටිය ප්‍රදේශයේ වෙසෙන බූරුවන් සීග්‍රයෙන් වඳවීගෙන යන බව එහි ප්‍රදේශවාසීහු කියති.

කල්පිටිය, පුත්තලම යන ප්‍රදේශයන් වලට අවේණික සත්ත්ව කොට්ඨාශයක් ලෙස බූරුවන් කළ හැකිය.

එම ප්‍රදේශයේ පැරැන්නෝ මේ බූරුවන් හීලෑකරගෙන බඩු බාහිරාදිය ගෙනයාම සඳහා යොදාගෙන තිබේ. පසුව ප්‍රවාහනය දියුණුවීමත් සමඟ එහි ජනතාවගේ බූරුවන් පිළිබඳ උනන්දුව අඩුවූ බව ප්‍රදේශවාසියකු කීය.

කෙසේවුවද, බූරුවාගේ නාදයේ ඇති විශේෂත්වයක් නිසාවෙන් පොල් වගාවට හානි පමුණවන පොල් කුරුමිණියන් විනාශ කිරීම සදහා පොල් වතු හිමියන් මේදිනවල බූරුවන් බහුලව යොදා ගැනීම සිදුවන බවද පැවසේ.

එම තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ බූරු ගහණය වැඩිවී තිබූ බවද පැවසේ.

මෑතක සිට කල්පිටිය ප්‍රදේශයේ සිටි බූරුවන් සීග්‍රයෙන් වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටින බව ප්‍රදෙශවාසින්ගේ මතය වේ.

කල්පිටියේ තිබූ තෘණ භූමි සහිත විශාල භූමි වල ලුණු කර්මාන්ත හා ඉස්සන් කර්මාන්ත පවත්වාගෙන යාමට ව්‍යාපාරික ප්‍රජාවේ උනන්දුව වැඩිවීම නිසා ද බූරුවන්ට ආහාර හිඟවිමෙන් පසුගිය කාලයේ බූරුවන් විශාල වශයෙන් මියගොස් සිටි බව පැවසේ.

කල්පිටිය නගරය ජනාකීර්ණ වීමත් සමග එදිනෙදා ඉවතලන පොලිතීන් පරිසරයට බැහැර කිරීම ඉහල යාම නිසා ඒවා ආහාරයට ගැනීමෙන්ද බූරුවන් මිය යන බව ප්‍රදේශවාසීහු කියති.

ඊට අමතරව මෝටර් රථවල ගැටීම නිසා ද බූරුවන් කොටසක් පසුගිය කාලයේදී මිය ගිය බවත්, එය දිනෙන් දිනම වැඩි වන බවත් පැවසේ.

ඡායාරූප හා සටහන - ප්‍රියංකර කළුපහන

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top