Sep 25, 2019

ශීත ඍතු ඔලිම්පික් උළෙලට සැරසෙන බීජිං (ඡායා) Featured

වසර 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල හා ශීත ඍතු පැරා ඔලිම්පික් උළෙල සඳහා මේ වන විට චීනයේ බීජිං අගනුවර කඩිනමින් සූදානම් වෙමින් සිටියි.

මෙම දැවැන්ත ක්‍රීඩා සැනකෙළි ද්විත්වය 2022 දී පැවැත්වෙන විට, ගිම්හාන සහ ශීත ඔලිම්පික් තරගාවලි පැවැත්වූ එකම නගරය බවට බීජිං අගනුවර පත්වනු ඇත.

මේ සඳහා වැඩකටයුතු නියමිත කාලයටත් වඩා කලින් නිමවෙමින් පවතින බව චීන මාධ්‍ය සඳහන් කරයි.

වසර 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල බීජිං, යැන්චින් හා ජැන්ජියාකොව් යන කලාප තුන ඔස්සේ පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලි වල ඉසව් පැවැත්වෙන සියලුම ස්ථාන සම්පූර්ණයෙන්ම හරිත බලශක්ති ප්‍රභේද වලින් බලගැන්වීමට සංවිධායකයන් අපේක්ෂා කරයි.

අයිස් රිබන්

බීජිං හි ජාතික ටෙනිස් මධ්‍යස්ථානය අසල පිහිටි ජාතික වේග ස්කේටිං ඕවල් ක්‍රීඩාංගනය මේ සඳහා අළුතින්ම ඉදිවන ගොඩනැගිල්ලකි. වේග ස්කේටිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ ස්කේටින් පාවහන් විසින් අයිස් මත ඉතිරි කරන සලකුනු වලට සමාන, බිත්ති වටා දිවෙන පීත්ත පටි හැඩැති වර්ණ වීදුරු වැඩ 22 කින් මෙය සමන්විත බැවින් එය 'අයිස් රිබන්' ලෙස ද හැඳින්වේ. මෙම සෑම පටියකම දිග මීටර් 600 කි.

මෙහි ව්‍යුහයේ වැඩකටයුතු මේ වසර අවසාන වන විට නිම කිරීමට අපේක්ෂා කෙරන අතර, සම්පූර්ණ ව්‍යාපෘතිය ලබන මැයි මස අවසන් වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

සියලු වේග ස්කේටිං ක්‍රීඩා ඉසව් මෙහි පැවැත්වීමට නියමිත අතර, පුද්ගලයන් 12,000කට පමණ එකවර රැඳී සිටීමට මෙහි ඉඩකඩ පවතී. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම ස්ථානයේ මෙහෙයුම් කළමනාකරු - ජැං ෂාඕහුයි මහතා පවසා සිටියේ අයිස් හොකී, වේග ස්කේටිං ඇතුළු අයිස් මත සිදුකරන සියලු ක්‍රීඩා ඉසව් මෙම ස්ථානයේදී පැවැත්වීමට හැකි බවයි.

WinterO1 670px 19 09 25

WinterO2 670px 19 09 25

WinterO3 670px 19 09 25

WinterO4 670px 19 09 25වෝටර් කියුබ්, අයිස් කියුබ් වෙයි

මේ අතර, 2008 ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා භාවිතා කළ සුප්‍රකට ස්ථාන 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල වෙනුවෙන් යළි සකසා භාවිතා කිරීමට වැඩකටයුතු අරඹා තිබේ.

මේ අනුව, 2008 ගිම්හාන ඔලිම්පික් උළෙලේ ජලජ ඉසව් පැවැත්වුණු 'වෝටර් කියුබ්' ශීත ඍතු ඔලිම්පික් උළෙල වෙනුවෙන් අයිස් කියුබ් බවට පත්වනු ඇත. එවැනි “අයිස්-ජල පරිවර්තනයක්” සිදුකළ පළමු ක්‍රීඩාංගනය බවට මෙම ස්ථානය පත්ව ඇති බව සීමාසහිත බීජිං ජාතික ජලජ මධ්‍යස්ථානයේ (Beijing National Aquatics Center Limited) සාමාන්‍යාධිකාරී යං චියොං මහතා පවසයි.WinterO5 670px 19 09 25

WinterO6 670px 19 09 25

WinterO7 670px 19 09 25

WinterO8 670px 19 09 25

WinterO9 670px 19 09 25

WinterO10 670px 19 09 25මීට අමතරව, 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ හි ආරම්භක හා සමාප්ති උත්සව චීනයේ ජාතික ගෘහස්ථ ක්‍රීඩාංගනය වන 'බර්ඩ්ස් නෙස්ට්' ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සූදානම් කිරීමේ හා ප්‍රතිසංස්කරණ කටයුතු දැනටමත් සිදු වෙමින් පවතී.WinterO11 670px 19 09 25

WinterO12 670px 19 09 25මේ අතර, වසර 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල හා ශීත ඍතු පැරා ඔලිම්පික් උළෙල සඳහා නිල සුරතලුන් පසුගිය සතියේදී එළිදැක්වුණි. ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සුරතලා වන බිං (අයිස්) ඩ්වෙන් ඩ්වෙන් (Bing Dwen Dwen) පැන්ඩෙකු ඇසුරෙන් නිර්මාණය කර තිබේ.WinterO13 670px 19 09 25ශීත ඍතු පැරා ඔලිම්පික් උළෙලේ සුරතලා වන ෂුඑයි (හිම)රොන් රොන් (Shuey Rhon Rhon) චීන වසන්ත සැනකෙළි සමයේ බහුලව භාවිතා වන පහන් කූඩු ඇසුරෙන් නිම වූවකි.

(සටහන හා ඡායා : ශානිකා ජයසේකර බීජිං සිට)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top