Sep 29, 2019

70 සමරන්න මලින් සැරසෙන බීජිං නුවර (ඡායා) Featured

මහජන චීන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය ඔක්තෝබර් 01දා මහත් හරසරින් සැමරීමට මුළු චීනයම මේ වන විට ලකලෑස්ති වන අතර, බීජිං අගනුවර ටියන්අන්මන් චතුරස්‍රයේ පැවැත්වීමට නියමිත මෙහි ප්‍රධාන උත්සවය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් සිටියි.  
 
මෙම දැවැන්ත සැමරුම වෙනුවෙන් බීජිං නුවර ප්‍රධාන මංසන්ධිවල දැවැන්ත, වර්ණවත් මල්පැළ වලින් පිරුණු සැරසිලි නිර්මාණය කර තිබේ. ට්‍රක් රථ වලින් මෙම ස්ථානවලට ප්‍රවාහනය කරනු ලබන විවිධ වර්ණවලින් යුත් පැළ දහස්ගණනක් ක්‍රමානුකූල ලෙස සකස් කරනු අතර, ඇතැම් නිර්මාණ රාත්‍රී කාලයේදී විදුලි අලෝකය යොදාගෙන තවදුරටත් සරසා ඇත.
 
දිවා කාලයේ තද හිරු රශ්මියෙන් මෙම සැරසිලි වියළී යාමට ඉඩනොදීමට ඇතැම් සැරසිලි වලට ස්ප්‍රින්ක්ලර් (sprinkler) සවි කර ඇති අතර, ඇතැම් සැරසලි වලට මිනිසුන් යොදවා ජලය යොදනු ලැබේ.
 
මෙම සැරසිලි පදිකවේදීන් අතර ඉතා ජනප්‍රිය වන අතර, ඒ අසලින් ගමන්කරන සියලුදෙනාම පාහේ මෙම සැරසිලි ඉදිරිපස සිට සිය ජංගම දුරකතන මගින් ඡායාරූප ගැනීමට විනාඩියකට හෝ සිය ගමන පමාකරයි. වෛවර්ණ මල් වලින් නිමවූ සැරසිල්ලක් පමණක්ම නොවන මෙම නිර්මාණ මගින් චීන ඉතිහාසය, සංස්කෘතිය හා අභිලාෂයන් සංකේතවත් කරයි.
 
පහත දැක්වෙන්නේ බීජිං නගරයේ මේ දිනවල දක්නට ඇති එවැනි වර්ණවත් නිර්මාණ අවට දසුන් කිහිපයකි. 
 
(සටහන / ඡායා : ශානිකා ජයසේකර - බීජිං සිට)
 
123456jpg788 18 11112131415161718192021

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top