Jan 30, 2017

කපුටු කාක් ‘මර්ඩර්’ එක

අපරාධ මැඩලීමට දිවා රෑ සටන් කරන පෝට්ලන්ඩ් පොලිස් කාර්යාංශය පසුගියදා අන්තර්ජාලය තුළ අතිජනප්‍රියත්වයට පත්විය.

එහෙත් ඔවුන් ගේ ජනප්‍රියත්වයට හේතුව භයානක අපරාධකරුවෙකු ඇල්ලීම නම් නොවේ.

විවේකයක් ලද කාලයේදී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් ගන්නා ලද ඉහත ඡායාරූපය මීට හේතුවයි.

අපරාධ පරීක්ෂක නිලධාරී වෝකර් බර්ග් විසින් 12 වැනි මහලේ සිට ගන්නා ලද මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ හිමෙන් වැසුනු තුරුපතර මත වසා සිටින දැවැන්ත කපුටු රංචුවකි.

පෝට්ලන්ඩ් පොලිස් කාර්යාංශය විසින් මෙම ඡායාරූපය “Crows on Snow” (හිම මත කපුටන්) ලෙස නම් කර තිබුණද, එම ඡායාරූපය රසවිඳි බොහෝදෙනා ගේ අදහස වූයේ එය “A Murder On Snow” (හිම මත මරඩර් එක) ලෙස හැඳින්වීම වඩාත් සුදුසු බවයි.

ඒ, කපුටු සමූහයක් හෝ රංචුවකට ඉංග්‍රීසියෙන් යොදන සාමූහ නාමය ‘මර්ඩර්’ වන බැවිනි.

(බෝර්ඩ් පැන්ඩා)

snow tree birds portland police walker berg 1

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top