Nov 11, 2019

සරත් සෘතු සිරිය (ඡායා)

මේ සරත් සමයයි. කෙමෙන් කෙමෙන් සීතල හා කෙටි වෙමින් ගතවන දින අතර සොබාදහම යළිත් පරිවර්තනයකට ලක්ව තිබේ.

වසන්තයේදී දළුලන ගස්වැල් වල පත්‍ර විවිධ පැහැයන් ගනිමින් හැලී යන මෙම සමයේ සුන්දරත්වය විඳගැනීමට චීනය පුරා දෙස් විදෙස් සංචාරකයන් විවිධ දර්ශනීය ස්ථාන කරා ඇදී යයි.

පොෆෙන්ග්ලිං යනු සරත් සෘතුවේ රතු පැහැයට හැරෙන පත්‍ර සඳහා ජනප්‍රිය දර්ශනීය ස්ථානයකි. බීජිං නගරයේ සිට කි.මී. 52 ක් දුරින් පිහිටි එය ෆැන්ෂාන් දිස්ත්‍රික්කයේ ජව්කව්ඩියන් නගරයේ පිහිටා ඇති මෙම කඳුගැටය, සරත් සෘතුවේදී බීජිං වැසියන් අතර ඉතා ජනප්‍රිය වේ.

මෙහිදී අක්කර 330 ක් පමණ රතු පැහැ පත්‍ර දැකිය හැකි වන අතර, කඳුගැටයේ බෑවුම අධික නොවන බැවින්, කි.මී. 06ක් පුරාවට යා හැකි මග ඔස්සේ යාම වඩා අසීරු නොවේ.


කෙසේවෙතත්, පොෆෙන්ග්ලිං යනු සරත් ඍතුවේ පමණක් සිය සුන්දරත්වය විදහා දක්වන ස්ථානයක් නොවේ. වසන්ත සමයේදී මලින් බරවන මෙය, ගිම්හානයේදී සිසිල්බව සඳහා මාර්ගයක්ද, ශීත ඍතුවේ දී හිම අගය කිරීමේ ගමනාන්තයක් ලෙසද සැලකේ.

පහත දැක්වෙන්නේ රතු පැහැ පත්‍රවලින් පමණක් නොව සරත් සෘතුවේ විවිධ පැහැයන්ට හැරුනු තුරු ලතා වලින් හැඩ වූ පොෆෙන්ග්ලිං හි සුන්දරත්වයයි.

(සටහන හා ඡායා : ශානිකා ජයසේකර - බීජිං සිට)

 
Pofengling1 900pxPofengling1 900pxPofengling1 900pxPofengling1 900pxPofengling1 900pxPofengling1 900pxPofengling1 900pxPofengling1 900pxPofengling1 900pxPofengling1 900pxPofengling1 900pxPofengling1 900pxPofengling1 900pxPofengling1 900pxPofengling1 900pxPofengling1 900pxPofengling1 900pxPofengling1 900px
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top