Jan 07, 2020

හාබින් අයිස් සැනකෙළිය ඇරඹෙයි (ඡායා)

ලොව විශාලතම වාර්ෂික අයිස් උත්සවය ලෙස සැලකෙන චීනයේ හාබින් අයිස් හා හිම සැනකෙළිය පෙරේදා (05) දින ඇරඹුණි.
හෙයිලොන්ග්ජියැන් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන හාබින්, චීන-රුසියාවේ දේශ සීමාව ආසන්නයේ පිහිටා ඇති අතර, රුසියානු සංස්කෘතික බලපෑම හේතුවෙන් පෙරදිග මොස්කව් ලෙසද හැඳින්වේ.

වසර 2020 වෙනුවෙන් තැනුනු අයිස් හා හිම සැනකෙළිය සඳහා අක්කර 148ක් පුරාවට 'හිම රාජධානියක්' මවා ඇති අතර, මෙය නිර්මාණය කිරීමට දින 15ක් පුරාවට කම්කරුවන් 10,000ක් දායක වී තිබේ.

ප්‍රදේශයේ සොංහුවා නදියෙන් ඇදගත් අයිස් කුට්ටි වලින් අඹන ලද අයිස් පිළිම එකතු 21ක්, වෛවර්ණ ආලෝකකරණ රටා යෙදා ඇති සැරසිලි හා විවිධ ක්‍රීඩා ඇතුළු ආකර්ෂණ රැසක් මෙම සැනකෙළියට ඇතුළත් වේ.

ලොව නන්දෙසින් සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය මෙම සැනකෙළිය මෙවර පැවැත්වෙන්නේ 36 වැනි වරට අතර, මෙවර උත්සවයේ අපූරු ඡායාරූප කිහිපයකි මේ :

(ඡායා : ඩේලිමේල්)
 

22957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 1578070730197

22957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 157807073019722957038 7849229 image a 89 1578070730197

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top