Feb 08, 2020

චීනයත්, ලෝකයත් කොරෝනාවෙන් අත්මිදේවා !

චීනය, ශ්‍රී ලංකාව අතුළු ලෝකවාසී ජනතාව කොරෝනා වෛරසයෙන් මිදී නිරෝගී සම්පන්න වේවායි ප්‍රාර්ථනා කරමින් ආශීර්වාද බෝධි පූජාවක් පසුගියදා කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථාන්යේදී පැවැත් විණි.

ශ්‍රී ලංකා චීන ජන මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් සංවිධානය කළ මේ ආශිර්වාද පූජෝත්සවය හුණූපිටිය ගංගාරාම විහාර වාසි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වීණි.

මහජන චීන සමූහාණ්ඩුව හා එහි ජනතාව මුහුණ පා සිටින මෙම අපහසු අවස්ථාවෙදී ශ්‍රී ලංකාව ද ශක්තියක් විය යුතු බව සඳහන්ශ්‍ කරන ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසඳයා ඒ වෙනුවෙන් බෞද්ධ චාරිත්‍රනූලව මෙවැනි පිංකමකින් ආශිර්වාද කිරීමට පියවර ගෙන තිබිණ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොළ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරි ලියු ඩොන්, මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිලධාරීන් ඇතුළු විශාල පිරසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SLCJ 001චීන ලංකා මිතුදම බිඳින්න කොරෝනා වෛරසයට බැහැ - නලින්

මේ අතර, කොරොනා වසංගතයට මුහුණ දී සිටින චීනයට නියම සහෝදරයෙකු ලෙස සැලකිය යුතු බව ශ්‍රී ලංකා - චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති නලින් අ‍පොන්සු මහතා කියයි.

මෙම වසංගතයට අභියෝග කරමින් නැගී සිටීමේ ශක්තිය චීනය සතු බව පවසන හෙතෙම එම ශක්තිය 2003 වසරේ සාර්ස් වෛරසය පැතිර ගිය අවස්ථාවේ චීනය මනාව පෙන්නුම් කළ බවද කීය.

ඔහු සඳහන් කළේ චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ඓතිහාසික එකක් වන අතර ශ්‍රී ලංකාවේ යම් අර්බුධයක් හටගත් සෑම අවස්ථාවකම චීනය සැබෑ මිතුරෙකු ලෙස උපකාර කළ බවයි.ශ්‍රී ලාංකිකයින් චීන ජනතාවට යහපතක් වේවායි ප්‍රාර්ථනා කරමින් මේ දිනවල ආගමික වැඩසටහන්වල නිරත වන බව ද හෙතෙම පැවසීය.

SLCJF 001

SLCJF 003

SLCJ 004

SLCJF 012

SLCJF 005

SLCJF 006

SLCJF 007

SLCJF 008

SLCJF 009

SLCJF 010

SLCJF 011

SLCJF 015

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top