Feb 25, 2020

හුස්ම වැටුනත් දියවන හිම මල් (ඡායා)

හිම මල් (snowflakes) යනු සොබාදහමේ සියුම්ම නිර්මාණ වලින් එකකි.

ඇතැමුන් විසින් මල්තුහීන ලෙසද මෙය හැඳින්වුවත්, මල් තුහීන හෙවත් frost flowers යනු දැඩි සීතල හේතුවෙන් පොළොව වැනි ඝන පෘෂ්ඨයක් මත විවිධ හැඩතල අනුව වර්ධනය වන අයිස් ස්ඵටිකය. තනි අයිස් ස්ඵටිකයක් වන හිම මල්, වාතලයේ විවිධ උෂ්ණත්ව හා ආර්ද්‍රතා කලාප ඔස්සේ ගමන් කරන විටදී එය විවිධ හැඩයන්ට භාජනය වෙයි. සෑම හිම මලකම හැඩය එකිනෙකට වෙනස් යැයි පැවසේ.

මේවා කෙතරම් සියුමැලිද යත්, හුස්මක් වැටීමෙන් පවා ක්ෂිණිකව දියවේ. එබැවින් හිම මල් වල ඡායාරූප ගැනීම ඉතා දුෂ්කර කර්තව්‍යයක් වේ.

කෙසේවෙතත්, මෙය සම්පූර්ණයෙන්ම කළ නොහැක්කක් ද නොවේ. රුසියානු ඡායාරූප ශිල්පී - ඇලෙක්සි ක්ල්ජටොව්ගේ හිම මල් වල මැක්‍රෝ ඡායාරූප මේ අතරින් ඉතා ප්‍රසිද්ධය.

වසර කිහිපයකට පෙර අන්තර්ජාලයට එක්වූ මෙම අපූරු ඡායාරූප පෙළ යළිත් මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිර යමින් පවතියි.

Boredpanda.com වෙබ් අඩවියට අනුව, මෙම ඡායාරූප වල විශේෂ කරුණක් වන්නේ මෙම එකතුව සඳහා ඇලෙක්සි විසින් ඉතා මිල අධික කැමරා උපකරණ භාවිතා කර නොතිබීමයි. පැරණි කැමරා කොටස්, පුවරු, ඉස්කුරුප්පු සහ ටේප් වලින් නිවසේදීම සාදාගත් උපකරණයක් මගින් ඔහු මෙලෙස හිම මල් සිය කැමරාවේ සටහන් කරගනියි.

ඇලෙක්සි ගේ තෙවැනි ඇසට හසු වූ හිම මල් වල අපූරු ඡායාරූප කිහිපයකි මේ.

(ඡායා : Boredpanda.com)

SnowF1 670px 20 02 25SnowF1 670px 20 02 25SnowF1 670px 20 02 25SnowF1 670px 20 02 25SnowF1 670px 20 02 25SnowF1 670px 20 02 25SnowF1 670px 20 02 25SnowF1 670px 20 02 25SnowF1 670px 20 02 25SnowF1 670px 20 02 25SnowF1 670px 20 02 25SnowF1 670px 20 02 25

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top