Mar 16, 2020

ලයිලා, සුරුක්කු, ඩයිනා වැඩ කල්පිටි මාදැල් කර්මාන්තය අනතුරේ හෙළයි (ඡායා)

 

නිසි මත්ස්‍ය අස්වැන්නක් නෙලා ගැනීමට නොහැකිවීම නිසා කල්පිටිය අර්ධද්වීපයට අයත් කල්පිටිය මුහුද අශ්‍රිතව දිය මාදැල් කර්මාන්තයේ යෙදෙන ධීවරයන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ කර්මාන්තය මොවුන් විසින් සිදුකරනු ලබන්නේ දශක ගණනක සිටය. 

මෑතකදී සිට මසුන් මැරීමට නීති විරෝධී ක්‍රම භාවිත කිරීම මොවුන්ගේ ජීවන වෘත්තියට කන කොකා හැඬීමට ප්‍රධාන හේතුව වී තිබේ.

ලයිලා, සුරුක්කු, ඩයිනා වැනි නීති විරෝධී ක්‍රම මේ සඳහා භාවිතා කරන බව ඔවුන් පවසති.

මුල් කාලීනව මා දැලක් සදහා මත්ස්‍ය කිලෝ 2,000ක් ඉක්මවූ අස්වැන්නක් ලැබුණද අද වන විට ඒ තත්ත්වය සම්පූර්ණයෙන් උඩු යටි කුරු වී ඇතැයි ඔවුහු කියති.

වර්තමානයේ කිලෝ 100ක මතස්‍ය අස්වැන්නක් ලබා ගැනීම ද අසීරු බව ඔවුහු කියති.

කොවිඩ් 19 වසන්ගතය දේශීය හා විදේශීය වෙළඳ පොළ කඩා වැට්ටීම නිසා මාළු ඉල්ලුම පහල බැසීමට තවත් හේතුවක් වී ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top