Mar 20, 2020

පිටකොටුවේ විශාල මගී තදබදයක් (ජායා)

Update -  පිටකොටුව බස් නැවැතුම්පල හා පිටකොටුව මැනිං වෙළඳ සැලේ ජායාරූප කිහිපයක් මේවන විට අප වෙත ලැබී තිබේ. 

ඒවා පහත දැක්වේ.

 

---------- Last Update - Friday, 20 March 2020 13:33 ----------

හදිස්සියේම ඇඳිරි නීතිය පැනවීමත් සමඟ පිටකොටුවේ විශාල මගී තදබදයක් ඇතිව තිබේ.

ඊට හේතුවී ඇත්තේ ප්‍රමාණවත් මගී බස් රථ නොවීම බව පැවසේ.

සතියක කාලයක් ගෙදරට වී වැඩකරන ලෙස දැන්වීමෙන් පසුව කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි නැවැතී සේවය කළ ජනතාව සිය ගම්බිම්වල නිවෙස්වලට යාමට අද දිනයේදී පිටකොටුවට පැමිණීමත් ඒ සමඟම අද රාත්‍රියේ සිට ලබන සඳුදා තෙක් ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීම නිසා මගී බස් රථ ධවනයෙන් ඉවත්වීම මේ තත්ත්වයට හේතුවී ඇති බව පැවසේ.

දින 3ක කාලයක් විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීම නිසා මගී බස් රථ ධාවනය නොවූ බවද මේ අතර වාර්තා වේ.

අධිවේගය 4ට වසා දැමේ - 3.30 සිට දුම්රියත් නවතියි

මේ අතර, අද පස්වරු 4.00 සිට අධිවේගී මාර්ග වසා දැමීමට තීන්දු කර ඇති අතර පස්වරු 3.30 සිට දුම්රිය ධාවනය නොවන බවද වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top