Mar 30, 2020

පුත්තලමෙත් ගමක් වසයි (ඡායා)

Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුයවෙන් රටේ පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම ප්‍රදේශයේ පිහිටි කඩුමයාකුලම් ගම්මානය සම්පූර්ණයෙන් වසා ඇතුළුවීම සහ පිටවීම නතර කර ඇති බව පුතත්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සදහන් කරයි.

එයට හේතුව වී ඇත්තේ ඉකුත් දිනක ආගමික ප්‍රචාරක කටයුත්තක් සදහා ඉන්දුනීසියා ගොස් මෙරට පැමිණි අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ සෞඛ්‍ය බළධාරින් විසින් අදාල පුද්ගලයාගේ නිවස සම්පූර්ණයෙන් මුද්‍ර තැබීමට කටයුතු සිදුකර ඇති බව කියයි.

එසේම ඔහු විසින් ළගින්ම ඇසුරු කල පුද්ගලයින් 30ට ආසන්න පිරිසක් නිරෝධායනය කිරීම සදහා ඊයේ (29) වන දින පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කරනු ලැබිණි.

මෙලෙස සෞඛ්‍ය බළධාරින් විසින් මුද්‍රතබා ඇත්තේ කඩුමයාකුලම් ප්‍රදේශයේ පිහිටි අංක 24/01 ටී.හලීම් නැමැති අයෙකුගේ නිවසක් සහ ඔහු ළගින් ඇසුරු කල තවත් අයෙකුගේ නිවසක් බව පැවසේ.

සටහන හා ඡායා - කේ. ප්‍රියංකර කළුපහන

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top