එසේනම්,බ්‍රිතාන්‍යයේ ජැක් හාඩින් විසින් ගන්නා ලද මෙම ඡායාරූප වලටත් ඔබේ සිත ඇදී යනු ඇත.
ඡායාරූපයේ සිටින්නේ ජැක් ගේ පෙම්වතිය වන එමා හා ඔවුන් ගේ මිතුරෙකු වන මාක් ය.ඔවුන් සිටින්නේ නෝර්වේ හි Trolltunga කඳු මුදුනේය.
ස්වීඩනයේ සිට පැය 12ක් වාහනයකින් ගමන් කර තවත් පැය 6ක් පයින් ගොස් ඔවුන් මෙම ස්ථානයට පැමිණ ඇත්තේ කඳු මුදුනේ සිට දිස්වන අපූර්ව දර්ශනය විඳීමටයි.
“කඳුමුදුනට නගිනකොට පහළ කිසි දෙයක් පෙනුනෙ නෑ. එච්චරටම මීදුම තදයි. අපිට හිතුනෙ මෙච්චර දුර ආපු එක අපරාදෙ කියලා. ඒත් අපි හිටියා. ඉඳලා ඉඳලා අන්තිමේට මීදුම අඩුවුනා… පිංතූරෙ යන්තම් පේනවා ඈත තියෙන ජලාශෙ. ඒකෙන් තේරෙනවා අපි කොච්චර පුංචි ද කියලා,” යැයි ජැක් පවසයි.
(ඡායාරූප : ජැක් හාඩින් / Caters News)