Apr 13, 2020

කොරෝනා මායිම් නොකර වැඩකරන ගොවියෝ (ඡායා)

රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින Covid-19 වෛරසය හේතුවෙන් පනවා ඇති ඇදිරි නීතියත් සමඟ පුත්තලම ප්‍රදේශයේ ගොවියෝ රටේ ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් සිංහල අවුරුදු පසසෙකලා ලහි ලහියේ තම වගාවේ වී අස්වනු නෙලීමේ කාර්යයේ මේ දිනවල නිරතවේ.

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විලුක, වෙප්පමඩුව ප්‍රදේශයේ කුඹුරු අක්කර 200ට ආසන්න ප්‍රමාණයක සිය අස්වනු නෙලීමට ගොවියෝ මහත් උනන්දුවකින් සහ උවමනාවකින් සිදුකරන ආකාරය පහත ඡායාරූපවල දැක්වේ.

ඔවුන් මෙවර සිංහල දෙමළ හින්දු අවුරුදු චාරිත්‍ර වෙනුවට අස්වනු නෙලීම සිදු කරමින් සිටියේ මෙලෙසිනි.

සටහන හා ඡායාරූප - ප්‍රියංකර කළුපහන (පුත්තලම වාර්තාකරු)

Farmers1 670px 20 04 13Farmers1 670px 20 04 13Farmers1 670px 20 04 13Farmers1 670px 20 04 13Farmers1 670px 20 04 13Farmers1 670px 20 04 13Farmers1 670px 20 04 13

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top