බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් කැළණිය පොලිස් කොට්ඨාසය තුල රැදී සිටි ගැබිණි මාතාවන්, දිර්ඝ කාලීන රෝගීන්, කුඩා දරුවන් ඇතුළු 360 දෙනෙකු පමන මූලික වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව ලංගම බස් රථ වලින් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පෑලියගොඩ පොලිස් වසමේ විජය කුමාරතුංග ක්‍රීඩාංගණයේ සිට පිටත් කර යැවිය.
මෙම බස් රථවල ගමන් කිරීම 35 කට සීමා කර තිබීම ද විශේෂ සිද්ධියකි.
එසේ පෑලියගොඩින් රැගෙන ගිය පිරිස් ඔවුන් පදිංචියට යන ප්‍රදේශවල පොලිසිවලට භාරදීමට නියමිතය.