අදාළ තාක්ෂණික උපකරන මෙරටට ගෙන්වා ඇත්තේ රවින්ද්‍ර මිගම්අරච්චි මහතා විසිනි.
ඒ අනුව Ultrasonic තාක්ෂණය මෙන්ම Flashing light මේ සදහා යොදා ගෙන ඇති අතර කුරුලන් පැමිණි විට පමණක් Motion detector මගින් මෙම උපකරණය ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
මිගම්අරච්චි මහතා එම තාක්ෂණය ලබා ගැනීමට අදාළ උපකරණ නිෂ්පදනය කරනු ලබන සමාගම සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.
එම තාක්ෂණය භාවිතයෙන් ශාකවලට හා සතුන්ට කිසිදු හානියක් සිදු නොවන බවද වාර්තා වේ.
මේ සඳහා ජාත්‍යන්තර තත්ත්ව සහතික්ද හිමි බව පැවසේ.
මෙම උවදුර මෑතකදී දී සිට ඇති වූවක් බව පැවසෙන අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද පූජා කරන බෞද්ධ බැතිමතුන් බාරහාර සඳහා වී කුරුල්ලන් හා ගිරවුන් නිදහස් කිරීමේ පුණ්‍ය ක්රියාවේ අනිසි පලයක් බව පරිසර ප්‍රවීනයන්ගේ මතය වී තිබේ.