Jun 09, 2020

කුණු පිරුණ ගල්කිස්ස වෙරළ සුද්ද වුනේ මෙහෙමයි! (ඡායා)

ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ කොළඹ මධ්‍යම දිස්ත්‍රික්කයේ නිලධාරීන් සහ සාමාජිකයින්, ගල්කිස්ස මුහුදු වෙරළට ගසාගෙන ආ කැළි කසල ඉවත් කිරීමේ ශ්‍රමදානයක නිරත විය.

පසුගිය 06දා පැවැත්වුණු මෙම මෙම ශ්‍රමදානයට මෙහි සාමජික සාමාජිකාවන් 40ක් පමණ එක්වූ අතර, පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා මෙම කර්තව්‍යය සිදුකෙරුණි.

මෙහි අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.

අසාමාන්‍ය ලෙස ප්ලාසිටික් හා පොලිතින් ප්‍රමුණ කසල ප්‍රමාණයක් ගල්කිස්ස මුහුදු වෙරළට ගසාගෙනවිත් ඇතැයි මුල්වරට වාර්තා වූයේ ජුනි 04 දාය. එතැන් පටන් දින කිහිපයක් පුරාවටම පරිසර ක්‍රියාකාරීන්, ස්වෙච්ඡා සේවයකයන් ඇතුළුව පුද්ගල සංවිධාන කිහිපයක් විසින් මෙම කසළ ඉවත් කර වෙරළ තීරය පවිත්‍ර කිරීමට දිගින් දිගටම එක්ව තිබුණි.

02020202020202020202020202020202

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top