විශේෂයෙන් සංචාරක ආකර්ෂණය දිනාගත් ත්‍රිකුණාමලය සැන්ඩි බේ වෙරළ කේන්ද්‍ර කර ගනිමින් මෙම කෞතුකාගාරය ඉදිකරන ලදී.
මෙම දියයට කෞතුකාගාරය තුල ස්ථාපනය කර ඇති සියලුම නිර්මාණ නාවික හමුදා නිළධාරීන් විසින් සිමෙන්ති සහ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ද්‍රව්‍ය වලින් නිර්මාණය කර ඇත.
මෙම දිය යට කෞතුකාගාරය අඩි 60ක් පමණ ගැඹුරට වන්නට අඩි 150ක දිගකින් සහ අඩි 85ක පළලකින් පිහිටා ඇති අතර මෙම ප්‍රදේශයේ කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරික්ෂණය වන පරිදි නිර්මාණය කර තිබේ.
මෙම කෞතුකාගාරය විවෘත කිරීමේ උත්සවය ප්‍රවීණ කිමිදුම් විශේෂඥයකු වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා විසින් සිදු කරන ලද අතර ඔහු විසින් දිය යටදී පීත්ත පටිය කපා කෞතුකාගාරය විවෘත කිරීම සිදු කරන ලදී.
එසේම මේ ආකාරයේ තවත් දිය යට කෞතුකාගාරයක් ඉදිරියේදී තංගල්ල ප්‍රදේශයේද ඉදිකිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටියි.
(ඡායා - navy.lk)