Jul 30, 2020

ත්‍රීරෝද රථ රියදුරන්ට චීනයෙන් මුඛ ආවරණ 50,000ක් (ඡායා / වීඩියෝ) Featured

ත්‍රිරෝද රථ රියදුරන් හට මුඛ ආවරණ ලබාදීමේ උත්සවයක් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී ඊයේ (29) පැවැත්විණි.

මෙහිදී Covid-19 වැළැක්වීම සඳහා මුඛ ආවරණ පැළඳීම ප්‍රවර්ධනය කිරීමේ පෝස්ටර් 35,000 ක් බෙදාහැරුණි.

මෙම අවස්ථාවේදී ත්‍රීරෝද රථවල පෝස්ටර් අලවා, මුඛ ආවරණ බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති - හූ වෙයි මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් - වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරු වෘත්තිය සමිතියේ උපසභාපති - අබ්දුල් හමීඩ් මහතා ඇතුළු සංගමයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

"ත්‍රීරෝද රථ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යයක්... ඒවගේම  චීන මහජන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා ගරු තානාපතිතුමා මාත් සමග සාකච්ඡා කරලා තීරණයකට පැමණියා මෙම ත්‍රීරෝද රථ හිමියන් මුඛ ආවරණ පැළඳීම පිළිබඳ ප්‍රවර්ධනය සඳහා යම්කිසි පෝස්ටරයක් නිර්මාණය කිරීමට... මෙම පෝස්ටර් විශාල ප්‍රමාණයක් චීන තානාපති කාර්යාලය විසින් මුද්‍රණය කර තිබෙනවා. මෙය ඉතාම වැදගත් වෙනවා මොකද ත්‍රීරෝද රථ හැම පාරකම, හැම අස්සකම, හැම මුල්ලකම ගමන් කරන රථයක් හැටියට ප්‍රවර්ධනය සඳහා ඉතාම වැදගත් මාධ්‍යයක්," යැයි වෛද්‍ය ජාසිංහ මහතා පැවසීය.

සෞඛ්‍ය සේවා ජනරාල්වරයා ලෙස තමා මේ අවස්ථාවේදී චීන තානාපති කාර්යාලයට බෙහෙවින් ස්තූති වන බවද ඔහු මෙහිදී පැවසීය.

මීට ප්‍රතිචාර දක්වමින් චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති හූ වෙයි මහතා පවසා සිටියේ මේ අයුරින්ම බස්රථ රියදුරන් වෙතද මුඛ ආවරණ බෙදාදීමට තානාපති කාර්යාලය කටයුතු යොදා ඇති බවයි.

මේ අතර, සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන් සංගමයේ උපසභාපති - අබ්දුල් හමීඩ් මහතා පවසා සිටියේ මෙලෙස බෙදා දුන් මුඛ ආවරණ, කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන ලෙස සිය සාමාජිකයන් වෙත බෙදාදීමට කටයුතු කරන බවයි.

(ඡායා / වීඩියෝ : ශානිකා ජයසේකර)

 

Chinamasks1Chinamasks1Chinamasks1Chinamasks1Chinamasks1Chinamasks1Chinamasks1Chinamasks1Chinamasks1Chinamasks1Chinamasks1

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top