Sep 03, 2020

මෛත්‍රීට 69 අද: ශ්‍රීලනිපයට 69 ඊයේ: උත්සව නෑ 

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 69 වැනි ජන්ම දිනය අද (03) ට යෙදී තිබේ.

ඒ මහතාගේ ඡන්ම දිනය වෙනුවෙන් අද කිසිදු උත්සව කටයුත්තක් නොකරන බව වාර්තා වන අතර කෙසේවුවද, ඒ මහතා සුපුරුදු පරිදි සිය ගෙවත්තේ ගසක් රෝපනය කිරීම අද දිනයේ සිදුකරන බව වාර්තා වේ.

සිරිසේන මහතා, පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් එක් දිනකදී ගැසට් පත්‍ර 65ක් අත්සන් කළ ලංකාවේ එකම රාජ්‍ය නායකයා ලෙස ඉතිහාස ගතව සිටී.

කෙසේවුවද, හෙට (04) දිනයේ ඒ මහතාගේ මෑණියන්ගේ ගුණාන්සුමරණය කිරීම සඳහා රුවන්වැලිසෑයේ විශාල පිංකමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ඊට අමතරව සිරිසේන මහතාගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා සිය පෞද්ගලික ධනයෙන් පොළොන්නරුවේ, ලක්ෂඋයනෙහි රුපියල් කෝටි 5ක වියදමින් ඉදිකළ වැඩිහිටි නිවාසය හෙට හිටපු ජනපතිවරයා විසින් විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වැනි සංවත්සරය ඊයේ (02)  යෙදී තිබූ අතර මෙවර එම සැමරුම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබිණි. 

ඒ අනුව එහි ප්‍රධාන ආගමික වැඩසටහන ලෙස ආශීර්වාද බෝධි පූජා පිංකමක් පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි. 

ඊට සමගාමීව වැල්ලවත්ත විෂ්ණු කෝවිලේ දී හින්දු ආගමික වතාවත්, දවටගහ මුස්ලිම් දේවස්ථානයේ දී ඉස්ලාම් ආගමික දේවමෙහෙයක්, හා කොම්පඤ්ඤවීදිය ජේසු බිළින්දාගේ දේවස්ථානයේදී කතෝලික දේව මෙහෙයක් ද සංවිධානය කර තිබිණි.

පක්‍ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි  ජයසේකර මහතා ඇතුළු පක්ෂ ප්‍රධානීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පක්‍ෂ නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

MS1 670px 20 09 03MS1 670px 20 09 03MS1 670px 20 09 03MS1 670px 20 09 03MS1 670px 20 09 03MS1 670px 20 09 03

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top