Feb 17, 2017

ජීවිතේ වගේ ද ෆොටෝ එක? (වීඩියෝ)

ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ්අවවි වලට එක්කර ක්ෂණික ජනප්‍රියත්වයක් ලබා ගැනීම අද කාලයේ විලාසිතාවක් බවට පත්වී අවසන් ය.

එවැන් ඡායාරූපක් හෝ වීඩියෝවක් වෙනුවන් දිවි පරදුවට තබන්නට මැළි නොවන්නෝ ද සිටියි. මෙම පුවත ද එවැනි ඡායාරූප පෙළක් පිළිබඳවයි.

මෙම ඡායාරූප වල සිටින්නේ රුසියානු මෝස්තර නිරූපණ ශිල්පිණියක් වන විකී ඕඩින්ට්කෝවා ය. කිසිඳු ආරක්ෂණ උපකරණයක් නොමැතිව ඩුබායි හි Cayan Tower ගොඩනැගිල්ල මත සිට පහලට එල්ලෙමින් ඇය මෙම ඡායාරූපය ගෙන තිබේ. ජීවිතයත් මරණයත් අතර එකම අත්වැල වන්නේ ඇගේ අත අල්ලා සිටින චිත්‍රපට නිෂ්පාදක ඇලෙක්සැන්ඩර් ටිකෝමිරොව් ය.

Cayan Tower යනු මහල් 70ක් පමණ ඇති අඩි 1,000කට වැඩි උසකින් යුත් ගොඩනැගිල්ලකි.

ඇය විසින් මෙම ඡායාරූප පෙළ ඉන්ස්ටර්ග්‍රෑම් වෙබ්අඩවියට එක්කර ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ දී ය. එයට ලයික්ස් 90,000කට වැඩි ප්‍රමාණයක් හිමිව තිබේ.

මෙම ඡායාරූප ගත් අයුරු පෙන්වන වීඩියෝවක් ද මේ වන විට යූටියුබ් වෙබ් අඩවියට එක්කර තිබේ.

Pic1

pic2

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top