Sep 18, 2020

අගමැති Port Cityයේ නීරීක්ෂණ චාරිකාවක

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6වැනි සංවත්සරය යෙදුන ඊයේ (17) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය.

වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත විය.

ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශනය පීඨයට ගිය ඒ මහතා දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය ගැන විමසා සිටි අතර අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ  අග්‍රාමාත්‍යතුමා විසින් මැයි මාර ගසක් රෝපණය කරන ලදී.  

චීන ජනාධිපති ෂීජිපිං මහතාගේ හා එවකට ජනාධිපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2014 සැප්තැම්බර් 17වෙනිදා ය.වරාය නගරය වෙනුවෙන් හෙක්ටයාර 269ක් මුහුද ගොඩකර භුමිය සකසා ඇති අතර කිලෝමීටර 3.2ක් දිගුවන දිය කඩනයේ ඉදිකිරීම් මේ වන විට අවසන් කර තිබේ.

PortC1 670px 20 09 18PortC1 670px 20 09 18PortC1 670px 20 09 18PortC1 670px 20 09 18PortC1 670px 20 09 18PortC1 670px 20 09 18

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top