Sep 23, 2020

සහන මිලට පොල් බෙදා හැරීම ඇරඹේ (ඡායා)

දේශිය වෙළඳ පොලේ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් පාරිභෝගිකයාට මුහුණ දීමට සිදු වන බලපෑමට පිළියමක් ලෙස රු. 60ක සහන මිලට කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට ලොරි රථ යොදාගනිමින් පොල් බෙදාහැරීම ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් විශේෂ සාකච්ඡාවක් අද දින පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති සහ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සමඟ ද සිදු කෙරිණි.

ඒ අනුව ගත් ක්ෂණික ක්‍රියාමාර්ගයක් ලෙස පාරිභෝගිකයන් සඳහා සහන මිලට පොල් බෙදා හැරීම හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, පොල් වගා කිරීමේ මණ්ඩලය (කප්රුක) මගින් රු. 60 ක සහන මිලට රට පුරා පොල් බෙදා හැරීමට තීරණය කෙරුණි.

(ඡායා - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

Coconut1 670px 20 09 23Coconut1 670px 20 09 23Coconut1 670px 20 09 23Coconut1 670px 20 09 23

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top