වතු හතරක් ආශ්රයෙන් තෝරා ගත් තරුණ තරුණියන් 40 දෙනකුට ඡායාරූපකරණය, කලාව හා සමාජ සවිඥානිකත්ව පිළිබදව ලබා දුන් පුහුණුවකින් පසුව ඔවුන්ගේ කතාව ඔවුන් විසින්ම කැමරා කාචයට හසුකරගත් අවස්ථා හතලිස් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් අතුරින් තෝරාගත් ඡායාරූප 100 ක් මෙලෙස ප්‍රදර්ශනය කෙරුණි.
නුවරඑළියේ ලොගි සහ හොලිරූඩ් වතු වලිනුත් බදුල්ලේ ඌව හයිලන්ඩ් සහ ඇතැම්පිටිය වතුයාය වලිනුත් මෙම තරුණ තරුණියන් 40 දෙනා තෝරාගන තිබුණු අතර, ඡායාරූපකරණයට ආධුනික මොවුන් හට එම විෂය සම්බන්ධයෙන් න්‍යාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීමට ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු වන අජිත් සෙනෙවිරත්න සහ නදිෂ්ක රණසිංහ මෙම වැඩසටහන හා එක්විය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, giz ආයතනය හා ඌව ශක්ති පදනම ඇතුළු පාර්ශව කිහිපයක් එක්ව මෙම ප්‍රදර්ශනය පැවැත්වුණු අතර, කඳුකර ප්‍රජාවගේ ජන ජිවිත ගැන යම් සංවාදයක් ද මෙහිදී ඇති විය.
ඊට අමතරව මෙම වැඩසසටහනට සහභාගී වූ තරුණ තරුණියන් හට සහතිකපත් ප්රදානය කිරීමක් ද මෙහිදී සිදුවිය.
(ඡායා : ශානිකා ජයසේකර)