Feb 22, 2017

කවාසු බිමට සකුරා සමය වඩී!

ශීත ඍතුවේ සීතල අවසන් කර නව ජීවය හා නව පැතුම් ගෙනෙමින් වසන්තයේ දෙව්දුව මේ වන ජපානයේ කවාසු නගරයට වැඩම කර තිබේ.

කවාසු නගරයට වසන්ත සමය උදාවීම සනිටුවහන් කෙරෙනුයේ චෙරි මල් (සකුරා) පිපීමත් සමගිනි.

සාමාන්‍යයෙන් ජපානයේ සකුරා මල් සමය උදාවන්නේ මාර්තු - අප්‍රේල් මාස වල වුවද, කවාසු නගරයේ ඇත්තේ ඊට කලින් මල් පිපෙනා සකුරා විශේෂයකි.

ඒ අනුව, කවාසු නගරය පුරා ඇති චෙරි ගස් 8,000ක් පමණ මලින් බරවෙන්නේ පෙබරවාරි මාසයේදී ය.

මේ වන විටත් කවාසු නගරයට එම සුන්දර සමය උදාවී ඇති අතර, එහි අපූරු ඡායාරූප කිහිපයකි මේ.

සකුරා මලේ අලංකාරය වැයීමට ජපන් ජාතිකයන් ආරම්භ කළේ ශතවර්ෂ ගණනාවකට පෙර සිටිය.ජපානයේ තිබෙන අන් සෑම මලකටම වඩා සුවිශේෂී ස්ථානයක් හිමිවන සකුරා මලත් ජපන් සංස්කෘතියත් අතර ඇත්තේ ඉතා සුවිශේෂී බැඳීමක්. සුන්දරත්වය සමග ඉපිද කෙමෙන් කෙමෙන් පර වී බිම වැටෙන සකුරා මල් ඔවුන් සමාන කරන්නේ ජීවිතයේ අනිත්‍ය බවටයි.

(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

cherry blossoms 3

cherry blossoms 2

cherry blossoms 4

cherry blossoms 5

cherry blossoms 6

cherry blossoms 7

cherry blossoms 8

cherry blossoms 9

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top