Nov 20, 2020

පිටකොටුවෙන් පෑලියගොඩට ආ මැනිං මාර්කට්එක (ඡායා)

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (20) පෙරවරුවේ විවෘත කළේය.

වෙළඳසැල් 1,192 ක්, වාහන විශාල ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා (Cool Room), හෝටල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළඳ සංකීර්ණය සමන්විතය.

මහල් හතරකින් සමන්විත පැලියගොඩ මැනිං වෙළද සංකීර්ණයේ 03 වැනි මහල දක්වා පිහිටි සෑම වෙළඳ සැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ මෙම නව වෙළඳ සංකීර්ණය සකසා තිබීම විශේෂත්වයකි.

මෙම වෙළඳ සංකීර්ණය යටතේ අක්කර 2 කට සීමා වී තිබුණු මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයක් බවට පත්ව තිබේ.

මෙම ඉදිරිකිරීම සඳහා රුපියල් බිලියන 6.9 ක් වැයකර ඇත.

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට එක් විසදුමක් ලෙස කොළඹ තිබූ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩ ස්ථාපනය කිරීමට 2011 වසරේ දී එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.

මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යන අවස්ථාවේදීම කොළඹ එළවළු වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාමට මූලික සැලසුම් සකස් කර තිබූ බව පැවසේ.

මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ 2013 දීය.

මේ වෙළඳ සංකීර්ණ දෙකම පෑලියගොඩට ගෙනඒමට හේතුවූයේ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග පෑලියගොඩින් සම්බන්ධවන බැවින් තොග බඩු කොළඹට ගෙනඒම සහ කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම පහසුවන බැවිනි.

ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය, වරාය අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග සමඟ පෑලියගොඩ හුවමාරුව සමඟ සම්බන්ධ වේ.

මේ නිසා කොළඹ නගරයේ සහ අනෙකුත් මාර්ගවල වාහන තදබදය අවමවීමට මෙය යම් බලපෑමක් ද සිදුකරනු ලබයි.

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ රථවාහන 600 ක් පමණ නතර කිරීමට පහසුකම් සලසා දී තිබේ.

Peliyagoda Manning Market Nov 20 2020 3Peliyagoda Manning Market Nov 20 2020 3Peliyagoda Manning Market Nov 20 2020 3Peliyagoda Manning Market Nov 20 2020 3Peliyagoda Manning Market Nov 20 2020 3Peliyagoda Manning Market Nov 20 2020Peliyagoda Manning Market Nov 20 2020 1

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top