Nov 27, 2020

මැරඩෝනා අවසන් ගමන් යයි (ඡායා)

ආජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව වන ඩියෙගෝ මැරඩෝනා ගේ අවසන් කටයුතු ඊයේ (26) දින බුවනොස් අයරෙස්හි සිදුකර තිබේ.

පෞද්ගලික මට්ටමෙන් සිදුකෙරුණු අවසන් කටයුතු සඳහා සහභාගී වී තිබුණේ සමීප ඥාති මිත්‍රාදීන් 24ක් පමණ පිරිසක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඊට කලින් මැරඩෝනා ගේ දේහය බුවනොස් අයරෙස්හි ජනාධිපති මන්දිරයේ තැන්පත් කර තිබුණු අතර, අවසන් ගෞරව දැක්වීමට සෙනග දහස් ගණනක් ඇදී ආ බව ඒජන්සි වාර්තා වල දැක්වේ.

මැරඩෝනාගේ දේහය අසලින් ගමන් ගත් ඇතැම් රසිකයන් හඬා වැළපුණු අතර තවත් පිරිසක් එකිනෙකා සිප වැළඳ ගනිමින් යාඥා කළහ.

ජාතික වීරයෙකු වන මැරඩෝනාගේ මරණය හමුවේ ආජන්ටිනාව තුළ තෙදිනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

බදාදා (නොවැම්බර් 25) හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් ඔහු 60 වෙනි වියේ පසු විය.
(ඡායා : ඩේලිමේල්)

Diego Maradona 850Nov 27 2020Diego Maradona 850Nov 27 2020Diego Maradona 850Nov 27 2020Diego Maradona 850Nov 27 2020Diego Maradona 850Nov 27 2020Diego Maradona 850Nov 27 2020Diego Maradona 850Nov 27 2020Diego Maradona 850Nov 27 2020Diego Maradona 850Nov 27 2020Diego Maradona 850Nov 27 2020

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top