Dec 09, 2020

මංගල කොළඹින් යළි වැඩ අල්ලයි: තැන #freedomhub (ඡායා)

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අලුත් වටයකින් සමාජ මාධ්‍යයේ වැඩ ඇල්ලීම ඊයේ (09) ආරම්භ කර තිබේ.

ඒ අනුව ඔහු ආචාරධාර්මික සමාජ මාධ්‍ය පරපුරක් බිහි කිරීම සඳහා නව පුහුණු මධ්‍යස්ථානයක් ද කොළඹ අංක 320, ඩාලි පාර යන ස්ථානයේ ආරම්භ කර ඇත.

එම ස්ථානය Freedom Hub ලෙස නම්කර තිබේ.

මේ මධ්‍යස්ථානය හරහා වසරකට තරුණ තරුණියන් 300 කට ආචාර ධාර්මික සමාජ මාධ්‍ය දැනුම ලබාදීම සිදු කරනු ලබයි.

එම ආයතනයෙන් පලකරනු ලබන දැන්වීමකට අනුව අදාළ වැඩසටහනට බඳවා ගැනීම සිදුකරනු ලබන බව පැවසේ.

මංගල සමරවීර, මහාචාර්ය රොහාන් සමරජීව මහත්වරු ඇතුළු පිරිසක් ඊයේ (08) මෙහි මූලික කටයුතුවල නිරතව සිටි අයරු ඡායාරූපවල දැක්වේ.

freedomhub 14freedomhub 18freedomhub 18freedomhub 18freedomhub 18freedomhub 18

freedomhub 18freedomhub 16freedomhub 18

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top