එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර බන්ධනාගාරයේ රැදවියන් ඉල්ලුවේ සාධාරණ ඉල්ලීම් බවත් (තවන්ට PCR පරීක්ෂණ කර, ආසාධිතයන්ව සහ නීරෝගී අයව වෙන් කරන ලෙස) ඒ රැදවියන්ට එල්ල කළ ප්‍රහාරය, තරයේ හෙලා දකින බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේය.
මෙම උද්ඝෝෂණට මහර ආසනයේ සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක, යූ ජෝර්ජ් පෙරේරා මහතා, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, රාජිත සේනාරත්න මහතා, තිස්ස අත්තනායක මහතා, ගයන්ත කරුණාතිලක මහතා, තලතා අතුකෝරල මහත්මිය, එරාන් වික්‍රමරත්න මහතා, හර්ෂණ රාජකරුණා මහතා, අශෝක් අබේසිංහ මහතා, කාවින්ද ජයවර්ධන මහතා, ජේ.සී අලවතුවල මහතා, තුෂාර ඉදුනිල් මහතා, සුජිත් සංජය පෙරේරා මහතා, හෙක්ටර් අප්පුහාමි මහතා ඇතුලු මහජන නියෝජිතයින් මෙන්ම සිවිල් නියෝජිතයින් රැසක්ද එක්ව සිටියහ.