එම විරෝධතාව සංවිධානය කර තිබුණේ සමස්ත ලංකා ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සහ සිංහල රාවය විසිනි.
ලංකා වේ ලීසිං හා ණය වාරික වලින් අසාධාරණයට ලක්වූ සාමාජිකයන් පිරිසක් සිටින විශාලතම සමාජ ජාල එකතුව සමස්ත ලංකා ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමය සේ සැලැකේ.
එහි සාමාජිකයන් ප්රමාණය එක් ලක්ෂ තිස් දහස ඉක්මනු ලබයි.
එම සංගමයේ සාමාජික සංජය මහවත්ත මහතා මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.