අද (30) මහනුවර පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ ගමනේ සුවිශේෂි දිනයක් ලෙස අද දිනය සටහන් වන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් කීය.
මෛත්‍රිපාල සිරිසේන මහතා ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිළධාරි මඩුල්ල අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් ආශිර්වාද ගැනීමෙන් පසුව මහනායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීම ද සිදු කළේය.
අනතුරුව වීර කැප්පෙටිපොල ප්‍රතිමාව ඉදිරියේ පුෂ්පොපහාරයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඡායා - අනිල් පුෂ්පකුමාර