May 26, 2021

අසීරුවේ සීරුවට බුදු තෙමගුලට සැරසෙතේ (ඡායා)

උදාවූ බුදුන්ගේ තෙමගුල පසුගිය වසරේ මෙන්ම මේ වසරේද සැමරීමට සිදුව ඇත්තේ සංචරණ සීමාවලට යටත්වය.


කොතරම් නපුරු කලක් උදාව ඇතත් බොදු බැතියෙන් රට වටා ජනතාව අදත් සිය නිවෙස්වල සිට වෙසක් සැමැරීමට සැරසෙති.

බටපතුරු කූඩුවක් දෙකක්, කොඩියක්, කාඩ් එකක්, බකට් මිටියක් විකුණාගෙන මැයි මහේ දොයිතුවක් සොයාගත් කුඩා ව්‍යවසායකයින්ට නම් මේ රුදුරු කාලය කාසි ඉඩෝරයක් එක් කළ සමයකි. කොවිඩ් වසංගතය, සංචරණ සීමා මෙන්ම යාස් සුළිකුණාටුව හේතුවෙන් පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන්ද මොවුන්ට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

හදාගත්, එකතුකරගත් දෙයක් ඔවුන්ට මේ මැයි මහේ විකුණා කාසි කර ගැනීමට නොහැකි වූ අතරම ඒ නිසාම ඔවුන්ට පොකුරු පිටින් පාඩු විඳින්නට සිදුවිය.

ඔවුන් එකතුකරගත් සොච්චමෙන් ඇත්තටම ගිනි ගණන් වූ එළවළු මල්ලක් හෝ ගතහැකි දැයි කිව නොහැකිය.

මේ, ඊයේ (25) දිනයේ සංචරණ සීමා ලිහිල් කළ පැය 19 තුළ අදට යෙදුන වෙසක් සැමරීමට ලක ලැහැස්තිවූ, මැයි මහේ දොයිතුවක් සොයන්නට වෙහෙසෙන වෙළෙන්දෝ හා බඩු මළු ඔසවාගෙන සංචරණ සීමාවට පෙර නිවසට පියමනින අපේ රටේ මිනිසුන්ය.

සටහන - කැළුම් ශිවන්ත
ජායාරූප - ශානිකා ජයසේකර

Vesak1 960px 21 05 26Vesak2 960px 21 05 26Vesak3 960px 21 05 26Vesak4 960px 21 05 26Vesak5 960px 21 05 26Vesak6 960px 21 05 26Vesak7 960px 21 05 26Vesak8 960px 21 05 26Vesak9 960px 21 05 26Vesak10 960px 21 05 26Vesak11 960px 21 05 26Vesak12 960px 21 05 26Vesak13 960px 21 05 26

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top