Jul 01, 2021

සියවසකට පෙර සියල්ල ඇරඹුනු තැන (ඡායා)

අද (ජූලි 01), චීනයේ කොමියුනිස්ට් පක්ෂය සිය 100 වැනි සංවත්සරය සමරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ තිඹිරිගෙය ලෙස සැලකෙන ෂැංහායි නගරය පුරාවට එහි ඉතිහාසය හා බැඳුනු වැදගත් ස්ථාන රැසක්ම ඇති බැවින්, එවැනි ස්ථාන කරා යොමුවන 'රතු සංචාරක ව්‍යාපාරය' අතර ඉතා ජනප්‍රිය වේ. 

පහත දැක්වෙන්නේද චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් හා බැඳුනු ස්ථානයකි. ෂැංහායි නගරයේ පිහිටා ඇති මෙම ස්ථානය චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු ජාතික සම්මේලනය පැවති ස්ථානයයි.

1920දී ඉදිකෙරුනු මෙම ගොඩනැගිල්ල එම සම්මේලනයට සහභාගී වූ සාමාජිකයෙකු වූ ලී හන්ජුන් හා ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ලී ෂූචන් ගේ නිවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු ජාතික සම්මේලනය 1921 ජූලි 23දා මෙහිදී ඇරඹුනු නමුත්, ප්‍රංශ පොලිසියේ බාධා හමුවේ පසුව ජර්ජියැං පළාතේ ජියාෂිං හි පිහිටි දකුණු විලේ සංචාරක බෝට්ටුවක් කරා ගෙන ගොස් තිබේ.

අද මෙම ස්ථානය කෞතුකාගාරයක් ලෙස ප්‍රතිසංස්කරණය කර ඇති අතර, 1961 මාර්තු මාසයේදී එය රාජ්‍ය ආරක්ෂාව යටතේ ප්‍රධාන ඓතිහාසික ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. 

19 වන ශතවර්ෂයේදී චීනය, විදෙස් බලවේග විසින් ආක්‍රමණය කර තිබූ අයුරු හා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය දියුණුවට පත්වූ අයුරු මෙම කෞතුකාගාරයේ දැක්වේ.

ඡායා : ශානිකා ජයසේකර (2019දී ෂැංහායි නගරයේදී)

CPC1 750px 21 07 01කෞතුකාගාරය පිටත දසුන්CPC2 750px 21 07 01කෞතුකාගාරය පිටත දසුන්CPC3 750px 21 07 01කෞතුකාගාරය ඇතුළත දසුන්CPC4 750px 21 07 01කෞතුකාගාරය ඇතුළත දසුන්CPC5 750px 21 07 01චීනය විදෙස් බලවේග වලට යටත්ව සිටි අයුරුCPC6 750px 21 07 01කෞතුකාගාරය ඇතුළත දසුන්CPC7 750px 21 07 01කෞතුකාගාරය ඇතුළත දසුන්CPC8 750px 21 07 01කෞතුකාගාරය ඇතුළත දසුන්CPC9 750px 21 07 01ෂැංහායි නගරයේ සුප්‍රකට Shanghai Bund 1920 වසරේදීCPC10 750px 21 07 01 චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භයCPC11 750px 21 07 01චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු ජාතික සම්මේලනයේ ඇරඹුමCPC12 750px 21 07 01පළමු ජාතික සම්මේලනය සිදුවූ ස්ථානය CPC13 750px 21 07 01එම ස්ථානය ඇතුළත දසුන් CPC14 750px 21 07 01එම ස්ථානය ඇතුළත දසුන් CPC15 750px 21 07 01පළමු ජාතික සම්මේලනය සිදුවූ කාමරයේ ඇතුළාන්තය

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top