ඒ, පොලොන්නරුව දිසා විශේෂ වැටලීම් ඒකකය විසින් ලද තොරතුරක් අනුවය.
මෙම තොරතුරැ අනුව ගල්ඔය, හතරැස්කොටුව ප්‍රදේශයේ නිවසක තිබියදී විකිණීමට තිබූ මුව අං තට්ටු තුනක්, ගෝන අංකතට්ටු 3ක් හා අලි හිස්කබලක් මෙන්ම දේශීයව නිෂ්පාදනය කළ ගිනි අවි 2ක් සොයාගෙන තිබේ.
මෙම සත්ත්ව කොටස් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කවුඩුල්ල ජාතික වන උද්‍යානයේදී මෙම සතුන් දඩයම් කර ඇති බව සැකකරුවන් පොලිසියට පවසා තිබේ.
එක් මුව අං තට්ටුවක් හා ගෝන අං තට්ටුවක් රු. 10,000 බැගින් ද අලි හිස්කබල රු. 40,000කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.
මීට පෙර මෙම ජාවාරම දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිදුකළ බවද ඔවුන් සඳහන් කර ඇත.
වැඩිදුර පරීක්ෂණ පොළොන්නරුව දිසා විශේෂ වැටලීම් ඒකකය විසින් සිදුකරනු ලබයි.
(සටහන හා ඡායාරූප - ඩබ්.ඒ. පියතිලක)